ඉන්දියාවට ගිය රටහරහා කණ්ඩායම අයහපත් කාලගුණය හේතුවෙන් අතරමග

By www.ceylonathletics.com | | Latest News, Sinhala

දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලියට සහභාගී වන කණ්ඩායමේ කොටසකට සැලසුම් කළ ආකාරයෙන් ඩිම්පූර්(Dimpur) වෙත ළඟවීමට බාධා එල්ල වී තිබේ.

කොල්කටා සිට පිටත් වූ ගුවන් යානය අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන්, ඩිම්පූර්(Dimpur) ගුවන් තොටුපලේ සිට අගර්තලා(Agartala) ගුවන් තොටුපල වෙත යොමුකර ඇත.

ඉන්දියානු කණ්ඩායම ඇතුළු තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ද මෙම ගුවත් යානයේ ගමන් කරන බව වාර්තා වෙයි.

පසුගිය අඟහරුවාදා(22) රාත්‍රියේ ඉන්දියාව බලා පිටත් වූ කණ්ඩායම චෙන්නායි හරහා කොල්කටා බලා ඊයේ ළඟා වී ඇති අතර අද කොල්කටා සිට ඩිම්පූර් (Dimpur) බලා පිටත් විය.

තරගාවලිය ලබන සෙනසුරාදා(26) නගලන්ඩ් හි කොහාමා නගරයේ දී පැවැත්වීමට නියමිතයි.

ගුවන් යානයේ ගමන් මාර්ගය පරික්ෂා කිරීමට පිවිසෙන්න…

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org