කාලතුවක්කු හමුදාවට ශූරතාව ලබා දෙමින් යුද්ධ හමුදා ශූරතාවලිය අවසන් වෙයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

57 වන යුධ හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරගාවලියේ අවසාන දිනය වූ අද දිනයේ ප්‍රථම තරගය වශයෙන් ආරම්භ කරන ලද පිරිමි මීටර් 10000 අවසන් තරගය ජයග්‍රහණය කිරීමට R.M.S. පුෂ්පකුමාර ක්‍රීඩකයා සමත් වුණා. ඒ විනාඩි 31 තත්. 12.28 දක්ෂතාවයක් දක්වමින්.කාන්තා මීටර් 1500 අවසන් තරගයද උදෑසන පැවැත්වුණු අතර එහි ජයග්‍රහණය හිමි කර ගත්තේ නිලානි රත්නායක ක්‍රීඩිකාවයි.එහිදී ඇය දැක්වූ දක්ෂතාවය විනාඩි 4 තත් 25.20 ක්.
වඩාත් තීරණාත්මක තරගයක් වූ පිරිමි මීටර් 400 අවසන් ධාවන තරගයද අද උදෑසන පැවැත්වුණු අතර තරගයට වෙනසක්ද එක් කරමින් එහි ජයග්‍රහණය ලබා ගත්තේ තත් 46.36ක කාලයක් වාර්තා කළ පබසර නිකූ ක්‍රීඩකයා ය.එම කාලය ඔහුගේ පෞද්ගලික හොදම දක්ෂතාවය බවට පත්වීම විශේෂත්වයක්.කාන්තා මීටර් 400 ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වූයේ තත් 54.54කින් තරගය නිම කළ නදීෂා රාමනායක ක්‍රීඩිකාවයි.කාන්තා දුර පැනීම ඉසව්ව ජය ගැනීමට සමත් වූයේ මීටර් 6.14ක දක්ෂතාවයක් දැක්වූ සාරංගි සිල්වා ක්‍රීඩිකාවයි.පිරිමි මීටර් 100 කඩුළු ඉසව්ව ජයග්‍රහණය කරනු ලැබුවේ ජාතික වාර්තාවටද හිමිකම් කියන රොෂාන් ධම්මික රණතුංග ක්‍රීඩකයා යි. සියලු දෙනාගේම අවධානය යොමු කර ගනිමින් සවස් භාගයේදී පැවැත්වුණු කාන්තා මීටර් 100 ඉසව්වේ සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාව විසින් තබන ලද තරගාවලි වාර්තාව වූ තත් 11.8 ක කාලය අභිබවමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා සංඥා බලකායේ අමාශා ද සිල්වා ක්‍රීඩිකාව සමත් වුණා.ඒ තත් 11.67ක කාලයක් වාර්තා කරමින්.
තරගාවලිය අවසන් කිරීමේ උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශන වලට අනුව ඉතා උත්කර්ෂවත් අයුරින් යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වය ඇතිව අද සවස් භාගයේදී පැවැත්වුණි.එහිදී සාම්ප්‍රදායික නර්ථනයට හා කලාවට මුල්තැන දෙමින් අංග කිහිපයක්ම පැවැත්වුණි.මේ අතර තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය ලකුණු 311 ක් ලබාගත් ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවට හිමි වූ අතර සමස්ත කාන්තා ශූරතාවය හිමි කරගනු ලැබුවේ ලකුණු 279ක් ලබාගත් කාන්තා බලකා ඒ කණ්ඩායමයි.එහිදී නැගී එන රෙජිමේන්තුවට හිමි සම්මානය හිමි කරගනු ලැබුවේ ද ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවයි.සමස්ත පිරිමි අනුශූරතාවය ශ්‍රී ලංකා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය විසින් දිනාගත් අතර සමස්ත කාන්තා ශූරතාවය ශ්‍රී ලංකා සංඥා බලකාය විසින් දිනා ගන්නා ලදී.
අලංකාර මල් වෙඩි සංදර්ශනයකින්ද පිටිය වර්ණවත් කරමින් ඉතාමත් සාර්ථක අයුරින් 57 වන යුධ හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරගාවලිය අද දිනයේ (26) නිමාවට පත් වුණා.

??: ??????? ??????

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org