යුද්ධ හමුදා ශූරතාවලියේ සිව්වැනි දිනයේ තොරතුරු

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

57 වන යුධ හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරගාවලියේ සිව්වන දිනය වන අද දිනය(25) නිමා වන විට ධාවන පථයේ තරගකාරී ඉසව් කිහිපයක්ම නිමාවට පත් වුණි.ඒ අතර කාන්තා හා පිරිමි මීටර් 200 ඉසව්ව කාගේත් අවධානයට නතු වුණා.එහිදී මේධානි සහ අමාශා අතර තිබූ දැඩි තරගයකින් අනතුරුව කාන්තා මීටර් 200 ඉසව්ව ජය ගැනීමට අමාශා ද සිල්වා සමත් වුණා.එහිදී අමාශා ඇයගේ පෞද්ගලික හොදම දක්ෂතාවය දැක්වීමත් විශේෂත්වයක්.ඇය වාර්තා කළ කාලය තත්පර 24.05ක්.තත්පර 24.06ක කාලයක් වාර්තා කළ මේධානි හට රිදී පදක්කම හිමි විය.පිරිමි මී.200 ඉසව්වේ ජය වාර්තා කිරීමට අරුණ දර්ශන ක්‍රීඩකයා සමත් වූ අතර එහිදී ඔහු දැක්වූ දක්ෂතාවය තත් 21.01ක්.

උදෑසන පැවැත්වුණු කාන්තා මීටර් 800 ඉසව්වේ ජයග්‍රහණය ඩිල්ෂි කුමාරසිංහ ක්‍රීඩිකාව අත් කරගත් අතර මීටර් 800 පිරිමි ඉසව්වේ තරගාවලි වාර්තාවටද හිමිකම් කී රුසිරු චතුරංග ක්‍රීඩකයා පරාජය කොට හර්ෂ කරුණාරත්න ක්‍රීඩකයා විසින් ජය තහවුරු කර ගත්තේ ය. එහිදී ඔහු දැක්වූ දක්ෂතාවය විනාඩි 1 තත් 51.06කි. පිරිමි මී.400 කඩුළු මතින් දිවීමේ ඉසව්ව තත් 52.35 කින් නිම කළ අසිත රත්නසේන හට රන් පදක්කම හිමි වූ අතර කාන්තා මී.400 කඩුළු මතින් දිවීමේ රන් පදක්කම හිමි වූයේ විනාඩි 1 තත් 01.49 කින් තරගය නිම කළ ශ්‍යාමා දුලානි හටයි. සවස් භාගයේ පැවති පිරිමි තුන් පිම්ම ඉසව්වේ ජයග්‍රහණය හිමි වූයේ සංජය ජයසිංහ හටයි.එහිදී ඔහු දැක්වූ දක්ෂතාවය මීටර් 15.71 කි.අද දිනයේ (25)අවසාන ඉසව්ව වශයෙන් පැවැත්වුණු පිරිමි මීටර් 400 අර්ධ අවසන් තරගයට සහභාගී වූ අරුණ දර්ශන ක්‍රීඩකයා ධාවනයේ අතරතුර දී බාධාවකට ලක් වීම හේතුවෙන් තරගයෙන් ඉවත් විය.

තවද මූලික තරග කිහිපයක්ම අද දිනයේ (25) පැවැත්වුණු අතර තරගාවලියේ අවසාන දිනය වන හෙට දිනයේ දී එම ඉසව් වල අවසන් තරග පැවැත්වීමට නියමිතව තිබේ.තරගාවලිය අවසන් කිරීමේ උත්සවයද හෙට සවස් යාමයේදී යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත ය.

??: ??????? ??????.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org