උෂාන් නැවත ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ඇමරිකාවේ ටෙක්සාස් හී උසස් අධ්‍යාපනය ලබමින් පුහුණු කටයුතු වල යෙදෙන උෂාන් තිවංක පෙරේරා නැවතත් උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සමත් විය.

ඒහිදී පැවති තරගාවලියක මීටර් 2.30 ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනා ගත් උෂාන් උසපැනීමේ වාර්තාව අලුත් කළ දෙවැනි අවස්ථාව මෙයයි.

මීට පෙර මීටර් 2.28 ක දක්ෂතාවක් දක්වමින් තමා ඉදිරියේ වාර්තාව සටහන් කරගත් ඔහු මෙවර දැක්වූ දක්ෂතාව වන 2.30 ක දක්ෂතාව දකුණු ආසියානුවෙකු උස පැනීමෙන් දැක්වූ ඉහළම දක්ෂතාව ද වේ.

උෂාන් මීට පෙර උස පැනීමේ ගෘහස්ත ශ්‍රී ලංකා වාර්තාව ද මීටර් 2.25 හා 2.26 ක් ලෙස අලුත් කිරීමට සමත් විය.

මීට පෙර දැක්වූ දක්ෂතාවයේ හා මෙවර දක්ෂතාවයේ වීඩියෝ..

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org