උෂාන් නැවත ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි
ඇමරිකාවේ ටෙක්සාස් හී උසස් අධ්‍යාපනය ලබමින් පුහුණු කටයුතු වල යෙදෙන උෂාන් තිවංක පෙරේරා නැවතත් උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සමත් විය.
ඒහිදී පැවති තරගාවලියක මීටර් 2.30 ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනා ගත් උෂාන් උසපැනීමේ වාර්තාව අලුත් කළ දෙවැනි අවස්ථාව මෙයයි.
මීට පෙර මීටර් 2.28 ක දක්ෂතාවක් දක්වමින් තමා ඉදිරියේ වාර්තාව සටහන් කරගත් ඔහු මෙවර දැක්වූ දක්ෂතාව වන 2.30 ක දක්ෂතාව දකුණු ආසියානුවෙකු උස පැනීමෙන් දැක්වූ ඉහළම දක්ෂතාව ද වේ.
උෂාන් මීට පෙර උස පැනීමේ ගෘහස්ත ශ්‍රී ලංකා වාර්තාව ද මීටර් 2.25 හා 2.26 ක් ලෙස අලුත් කිරීමට සමත් විය.
මීට පෙර දැක්වූ දක්ෂතාවයේ හා මෙවර දක්ෂතාවයේ වීඩියෝ..



