ලෝක ශූරතාවට යන කිරිකිත්තේ “බට්ටී”…

By www.ceylonathletics.com | | Latest News, Sinhala

පසුගිය දා පැවති ජාතික තේරීම් තරගාවලියේ දී මීටර් 800 කාන්තා ඉසව්වට සහභාගීවෙමින් ගම්පහ සිරි කුරුස විද්‍යාලයේ 19 හැවිරිදි  ශානිකා ලක්ෂානී පුද්ගලික හෝඳම දක්ෂතාව දක්වමින් ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබා ගත්තාය.

මිනිත්තු 2:07.02 ක දක්ෂතාවක් එහි දී දැක්වූ ඇය, ඒ අනුව අවස්තා දෙකක දී  මිනිත්තු 2:10.00 ට අඩු කාලයකින් මීටර් 800 ඉසව්ව අවසන් කිරීමට සමත්ව තිබේ.

පසුගිය වසරේ පැවති ජාතික ශූරතාවලියේ දී ද ශානිකා මිනිත්තු 2:08.90 ක කාලයකින් තරගය අවසන් කළ අතර, මීටර් 1500 ඉසව්වෙන් වසර 35 පැරණි කණිෂ්ඨ වාර්තාව අලුත් කිරීමින් මිනිත්තු 4:33.40 ක දක්ෂතාවක් දැක්වීමට සමත් වූවාය.

වැලිවේරිය කිරිකිත්ත ප්‍රදේශයේ වෙසෙන ශානිකා කිරිකිත්ත කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා 8 වැනි ශ්‍රේණියේ දී ගම්පහ සිරිකුරුස විද්‍යාලයට ඇතුළත් වන්නේ ඇයගේ පුහුණුකරුවන මදුර පෙරේරා මහතාගේ මගපෙන්වීම යටතේයි.

සිව්දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වන ශානිකාගේ පවුලේ වැඩිමහල් සහෝදරිය හා සහෝදරයාද සමස්ථ ලංකා මට්ටම දක්වා මීටර් 800 හා මීටර් 1500 ඉසව්වලින් තරග කර ඇතත්, පවුලේ අගහිඟම් හේතුවෙන්ම ක්‍රීඩාව අතහැර ඇත.

ස්ථිර රැකියාවක් නොමැති පියා හා මවගේ සෙවනේ හැදී වැඩෙන ශානිකාගේ ක්‍රීඩා දිවියට අත්වැලක්ව සිටින්නේ කුඩා කල සිට පුහුණුකරුවන මදුර පෙරේරා මහතායි.

අනාගතයේ දී මෙරට මැදි දුර ධාවන ක්ෂේත්‍රයට දායාදයක් ලෙස සැලකිය හැකි මෙම ක්‍රීඩිකාව රැක ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සිදුකළ යුතුවේ.

සිය සහෝදරයා හා සහෝදරියගේ දෑතේ එල්ලී ක්‍රීඩාවට පිවිසි ශානිකා දන්නා කාලයේ සිටම ක්‍රීඩාවට උපන් හපන්කම් දක්වන්නීය.

ඊට පහත පුවත් පත් වාර්තාව සාක්ෂි දරයි.

(සැලකිය යුතුයි : මේ වනවිට ශානිකා ඔවුන්ගේම නිවසක වාසය කරයි.)

13 වැනි වියේ දීම ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වාසනාව ලැබූ ශානිකා 2016 වසරේ දී රුසියාවේ පැවැති ආසියානු පාසල් ක්‍රීඩා  උලෙලේ දී ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

නැවත 2019 වසරේ දී  ආසියානු ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලැබූ ශානිකා මීටර් 800 ඉසව්වෙන් 2:14.25 ක දක්ෂතාවක් දක්වමින් සිව්වැනි ස්ථානයට පත් වූවාය.

 

ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලැබූ තරගය

35 වසරක් පැරණි මීටර් 1500 කණිෂ්ඨ වාර්තාව පිහිටුවන ලද තරගය

ආසියානු යොවුන් තරගාවලියේ සිව්වැනි ස්ථානය හිමිවූ තරගය

ශානිකා සහභාගී වූ තවත් තරග කිහිපයක්

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org