ඩිල්ෂී මීටර් 800 ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැති ජාතික තේරීම් තරගාවලියේ අවසන් දිනය වූ අද කාගේත් අවධානය යොමුව තිබුණේ මීටර් 800 කාන්තා ඉසව්ව වෙතයි.

ඊට ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කී ක්‍රීඩිකාවන් වන නිමාලී ලියනාරච්චි හා නිමාලී ලියනාරච්චි සහාභාගීවීමත් ජාතික ශුරිය ඩිල්ෂි කුමාරසිංහ සහභාගීවීමත් ඊට හේතුවිය.

ඩිල්ශි ඒමෙහිදී තරගය මිනිත්තු 2:02.52 ක කාලයකින් අවසන් කරමින් ශ්‍රී ලංකා වාර්තාව තමාසතු කරගැනීමට සමත් වූවාය.

මෙතෙක් ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කී ගයන්තිකා අබේරත්න මෙහිදී තුන්වැනි ස්ථානයට පත් වූ අතර, ඊට පෙර ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කී නිමාලී ලියනාරච්චි දෙවැනි ස්ථානයට පත්විය.

මෙම තරගයේ විශේෂත්වයක් වන්නේ, ක්‍රීඩකිවන් සිව් දෙනෙකුම මිනිත්තු 2:04 සීමාව තුළ තරගය අවසන් කිරීමයි.

මේ අතර, තරගයට සහභාගී වූ කණිෂ්ඨ (අවුරුදු 20න් පහළ) ක්‍රීඩිකාවක් වූ ශානිකා ලක්ෂානී මිනිත්තු 2:07.02 ක දක්ෂතාවක් දක්වමින් මෙම වසරේ කෙන්යාවේ දී පැවැත්වීමට නියමිත ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවීමේ සුදුසුකම් සැපිරීමට සමත්වූවාය.

310 800M WOMEN FINAL
PLACE BIB NO: PLAYER NAME CLUB/SCHOOL/DISTRICT PERFORMANCE REMARKS
1 457 K.G.D.M.S. KUMARASINGHE SL ARMY 2:02.52
2 436 W.K.L.A. NIMALI SL AIR FORCE 2:03.15
3 470 G.T.A. ABERATNE SL NAVY 2:03.64
4 460 N.M.C. DILRUKSHI SL ARMY 2:03.86
5 498 K. SHANIKA LAKSHANI SL SCHOOLS 2:07.02
6 499 K.G.N.M.A. KUMARI SL SCHOOLS 2:10.27
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org