දමයන්ති දර්ශා ක්‍රීඩා පරිපාලනයට නාමයෝජනා දෙයි – නිළවරණය අප්‍රේල් 24

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිළවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද අවසන් විය.

එහිදී සභාපති, ලේකම්, භාණ්ඩාගාරික යන තනතුරු සඳහා වත්මන් සභාපතිවරයා වන මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු, වත්මන් ලේකම් ප්‍රේමාපින්නවල හා වත්මන් භාණ්ඩාගාරික ශාන්ත සිල්වා යන මහත්වරුන් නාමයෝජනා ලබා දී ඇති අතර, ඔවුන් නිතරඟයෙන් ම නැවත පත්වීමට නියමිත වේ.

මේ අතර, උපසභාපති තනතුරු 7 ක් සඳහා නාමයෝජනා 14 ක් ලැබී ඇති අතර හිටපු ධාවන ශූරියක වන දමයන්තී දර්ශා මහත්මිය ද ඉදිරිපත්ව සිටීම විශේෂත්වයක් වේ.

උපලේකම් හා උපභාණ්ඩාගාරික තනතුරු සඳහා නාමයෝජනා දෙක බැගින් ඉදිරිපත්ව ඇත.

උප භාණ්ඩාගාරික තනතුර සඳහා හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක අමිල විජේකෝන් ඉදිරිපත්ව සිටීම විශේෂත්වයක්.

මේ අතර, නිල දත්ත සටහන්කාර ධුරයට ලෙස සමන් කුමාර ගුණවර්ධන මහතා මෙවරද නිතරඟයෙන් පත්වීමට නියමිත වේ.

මලල ක්‍රීඩා නිළවරණය ලබන මස 24 වැනි දා පැවැත්වීමට නියමිතයි.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org