උශාන් තිවංකගෙන් ගෘහස්ත ශ්‍රී ලංකා වාර්තාවක්.

By www.ceylonathletics.com | | Latest News, Sinhala

 

ඇමරිකාවේ පුහුණු කටයුතුවල යෙදෙන උෂාන් තිවංක පෙරේරා ඊයේ පැවති ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියකට එක්වෙමින් උස පැනීමේ ඉසව්වෙන් මීටර් 2.25 ක දක්ෂතාවක් දැක්වීමට සමත් විය.

එය මෙතෙක් ගෘහස්ත තරගාවලියක දී එම ඉසව්වෙන් මෙරට ක්‍රීඩකයෙක් දැක්වූ කියලම දක්ෂතාවයද වේ.

ඔහුට ඒ අනුව ගෘහස්ත උස පැනීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් පෑමේ අවස්තාව හිමිවූ අතර තරගාවලියේ වාර්තාවද සතු කරගැනීමට හැකි විය.

උසපැනීමේ ශ්‍රී ලංකා වාර්තාව හිමි මංජුල කුමාර විජේසේකර 2016 වසරේදී ආසියානු ශූරතා ගෘහස්ථ මල්ල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 2.24ක දක්ෂතාවක් දක්වමින් ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවනු ලැබීය.

 

මේකම මාරිස්ටෙලා විද්‍යාලය මාරිස්ටෙලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන 23 හැවිරිදි උශාන් තිවංක මේ වන විට ඇමරිකාවේ ටෙක්සාස් හීදී පුහුණුකටයුතු සිදුකරමින් ආධ්‍යාපන කටයුතු වල නිරත වේ.

ජයග්‍රාහී අවස්තාවේ වීඩියෝව

 

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org