ආසියානු ශූරතා තරගාවලිය අවලංගු කරයි
|පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව ඒම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒළඹෙන ඔලිපික් ක්‍රීඩා උළෙලට ආසියානු කලාපයෙන් සුදුසුකම් ලබා ගැනීම සඳහා මෙම තරගාවලිය මහඟු උපකාරයක් වූ අතර, තරගාවලිය අවලංගු කිරීම හේතුවෙන්, ආසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශාල පාඩුවක් වනු ඇත.
මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ පිරිසක්, ලෝක ශ්‍රේණිගත කිරීම් ප්‍රසාද ලකුණු අනුව ආසියානු කලාපයේ ඉදිරියෙන් පසුවිය.
යම්හෙයකින් මෙම තරගාවලිය පැවැත්වූයේ නම්, ඒහිදී දක්වන දක්ෂතාද පදනම් කරගනිමින් ඔලිම්පිිිික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව තිබිණ.
මීළඟ ආසියානු ශූරතා තරගාවලිය 2024 වසරේ දී තායිලන්තයේ පටායා හී දී පැවැත්වීමට නියමිත වේ.