නිලානී, නදීෂා ආසියා⁣නු ශ්‍රේණිගත කිරීම් හී දෙවැනි තැන; නිමාලී තුන්වෙනි තැන

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

ලෝක මලල ක්‍රීඩා ලකුණු අනුව නදීශා රාමනායක හා නිලානී රත්නායක ලෝක ශේණිගත කිරීම්හී පිලිවෙලින් 51 වැනි හා 35 වැනි ස්ථානවල පසුවෙයි.

ලෝක මලල ක්‍රීඩා සංගමය මගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්වන දක්ෂතා අනුව ප්‍රසාද ලකුණු ලබා දෙන අතර ඒ අනුව අදාල වකවානුව තුල ලබාගත් ලකුණු අනුව මෙම ස්ථාන තීරණය වී ඇත. නදීෂා හා නිලානී දෙදෙනාම ආසියානු කලාපයේ දෙවැනි ස්ථානයේ පසුවීම විශේෂත්වයක්.

පිලිවෙලින් මීටර් 400 න් හා මීටර් 3000 බාදක ඉසව්වලට, නයිජිරියාවෙන් හා කෙන්යාවෙන් පැමිණ බහරේනය නියෝජනය කරන සල්වා නසර් හා වින්ෆ්‍රඩ් යාවී, නදීශාට හා නිලානීට ඉදිරියෙන් පසුවේ. ලකුණු ලබාදෙන කාල සීමාවේ දී ප්‍රධාන පෙළේ තරගාවලිවලදී අඛණ්ඩව දැක්වූ දක්ෂතාවන් හේතුවෙන් මෙලෙස මෙරට ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට වැඩි ලකුණු ලැබී තිබීම වි⁣ශේෂතවයක් වේ.

එසේම නිමාලී ලියනාරච්චි මීටර් 800 ඉසව්වෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්හී 57 වැනි ස්ථානයේ පසුවන අතර ආසියානු ශේණිගත කිරීම්හී තුන්වැනි ස්ථානයේ පසුවෙයි. මීට අමතරව අංජනි පුල්වන්ස (දුරපැනීම) හා විදුෂා ලක්ෂානි (තුන් පිම්ම) ආසියානු ශ්‍රේණිගත කිරීම් වල 5 වෙනි ස්ථානය හිමි කරගැනීමට සමත්වී ඇත .

මේ අතර, ක්‍රීඩකයන් අතරින් සුමේධ රණසිංහ හෙල්ල විසිකිරීමෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්හී 30 වැනි ස්ථානයේ පසුවන අතර, ආසියාවේ 6 වැනි ස්ථානයේ රැඳී සිටියි.

මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලකුණු ලබා ගත හැකි තරගාවලිවලට සහභාගීවීමේ අවස්ථා අවම වුවද මෙලෙස දක්ෂතා අතර පසුවීම පැසසිය යුතුවේ. මොවුන්⁣ට අමතරව පහත සඳහන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආසියානු ශේණිගත කිරීම්හී ඉදිරියෙන් පසුවේ.

ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණි ගත කිරීම යනු කුමක්ද

ශ්‍රේණිගත කිරීම් සිදු කරන්නේ කෙසේද

Top SL Athlete’s positions in Asian Rankings

(As At 29 December 2020)

Asian Ranking Position Name Event Ranking Score
Female
02 Nadeesha Ramanaaka 400m 1147
02 Nilani Rathnayaka 3000m SC 1180
03 Nimali Liyanarachchi 800m 1145
05 Gayanthika Abeyrathne 800M 1124
05 Anjani Pulwansa Long Jump 1028
05 Vidusha Lakshani Triple Jump 1091
06 Dilshi Kumarasinghe 800m 1099
06 Nimali Liyanarachchi 1500m 1052
07 Gayanthika Abeyrathne 1500m 1035
08 Hashini Balasooriya Triple Jump 1044
10 Dilshi Kumarasinghe 400m 1071
10 Nadeeka Lakmali Javelin Throw 1033
Male
06 Sreshan Dhananjaya Triple Jump 1133
06 Sumedha Ransinghe Javelin Throw 1126
08 Rusiru Chathuranga 800m 1073
11 Aruna Darshana 400m 1104

 

How Ranking has been calculated  (Individual Athletes) 

 

Event Rankings

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org