ලොක්ඩවුන් බැම්ම බිඳ 35 වසරක වාර්තාව අලුත් කළ ශානිකා ලක්ෂානි

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ජාතික ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියේ දී කාගේත් ඇස් ජේශ්ඨ ක්‍රීඩාක ක්‍රීඩිකාවන් වෙත යොමුවද්දී, නිහඬව සිය පුද්ගලික දක්ෂතා අලුත්කිිිිිිරීමට ගම්පහ සිරි කුරුස විද්‍යාලයේ ශානිකා ලක්ෂානී සමත් වූවාය.

මීටර් 800 කාන්තා ඉසව්වට සහභාගී වූ ඇය, 2:08.90 ක දක්ෂතාවක් දැක්වමින් සිව්වැනි ස්ථානයට පත් වූවද, ඇයගේ දක්ෂතාව ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා වූ පරිසාදන මට්ටම (2:08.70) අසලමට යාමක්.

ඇයට ඒම අවස්ථාව අහිමිවන්නේ තත්පර් දසශම 2 කිනිිිි.

ඉන් අධෛර්යයට පත්නොවූ ඇය මීටර් 1500 ඉසව්වට ද සහභාගීවෙමින් තම උපරිම දක්ෂතාව දක්වමින් මින් වසර 35 කට පෙර 1985 වසරේ දී හිටපු ඔලිම්පික් ක්‍රීඩිකා ධම්මිකා මැණිකේ සතුවූ වාර්තාව තම නම ඉදිරියේ සටහන් කරගැනීමට සමත් වූවාය.

ඇය ඒම ඉසව්වේ ද සිව්වැනි ස්ථානයට පත් වූයේ 4:33.40 දක්ෂතාවක් දක්වමිනි.

කෙරෝනා දෙවැනි රැල්ලත් සමගින් ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන බොහෝමයක් හුසකලා කළ අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණු කටයුතු කරගැනීමට බොහෝ බාධා මතුවිය.

කෙසේ වෙතත්, ඔවුන් පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂක, ක්‍රීඩා අමාත්‍යංශය හා වෛද්‍ය අංශවල සහයෝගයෙන් ගමපහ හුදකලා පුහුණු කණ්ඩායමක් ලෙස පුහුණුවීම් ඇරඹීය. ඊට ශනිකා ලක්ෂානිගේ පුහුණුකරුවන මධුර පෙරේරා හා දිස්ත්‍රික්කයේ පුහුණුකරුවන් විශාල වෙහෙසක් ගත්තේය. ඔවුන්ගේ මහන්සියට ප්‍රතිඵල ලබා දීමට ශනිකා ලක්ෂානි සමත් වූයේ නිහඬ දක්ෂතාවකිනි.

හුදකලා පුහුණු කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට අවස්තාව සැලසු අදාල බළධාරීන්ට ස්තූතියි වන්තවිය යුතුය.

ලබන අගෝස්තුවල පැවැත්වෙන කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ශනිකා ලක්ෂානිට හැකි වේවායි පතමු.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org