සුසීගෙන් පසු වේගය ලක් පොළොවේ පෙන්නු “උඩරට විදු සැරය”

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

සුසීගෙන් පසු වේගය ලක් පොළොවේ පෙන්නු “උඩරට විදු සැරය” ජාතික ශූරතා මලල ක්රීඩා තරගාවලියේ දී සුපිරි තරු අතරට පිවිසීමට අමාෂාද සිල්වා සමත් වූවාය. කොවිඩ් නිවාඩුවෙන් උපරිම ප්රයෝජන ගත් ඇය මීටර් 100 ඉසව්වෙන් 2006 න් පසුව මෙරටදී වාර්තා වූ වේගවත්ම කාලය වාර්තා කිරීමට සමත් වූවාය.

ඇය මූලික ව⁣ටයේ දී තත්පර 11.64 ක කාලයකින් තරගය අවසන් කරමින් පුද්ගලික හොඳම කාලය වාර්තා කළ අතර, අවසන් තරගයේදී තවත් කාලය අඩු කරමින් තත්පර 11.55 ක දක්ෂතාවක් දැක්වූවාය. මෙය වාර්තා වන්නේ මෙරට ක්රීඩිකාවන් අතරින් හොඳම දක්ෂතා දැක්වූ සිව්වැනි ක්රීඩිකාව ලෙසයි. සුසන්තිකා ජයසිංහ, දමයන්තී දර්ශා හා රුමේෂිකා රත්නායක මීට පෙර වේගවත්ම කාලයන් වාර්තා කර ඇත. මෙරටදී වේගවත්ම කාලයක් වාර්තා වන්නේ සුසන්තිකා ජයසිංහ 2006 වසරේදී දැක්වූ දක්ෂතාවන්ගෙන් අනතුරුවයි.

රුමේෂිකා රත්නායක පුද්ගලික හොඳම කාලය වාර්තා කර ඇත්තේ තත්පර 11.51 ක් ලෙස ඔස්ට්රේලියාවේ සිඩ්නි නුවරදීය. අමාශා 2018 වසරේදී පුද්ගලික හොඳම කාලය ලෙස තත්පර 11.71 ක කාලයක් වාර්තා කළ අතර පසුගිය වසරේ දී බලපොරොත්තුවූ දක්ෂතා අතරට පැමිණීමට නොහැකි විය. කෙසේ වෙතත් ඇය දකුණු ආසියානු ක්රීඩා උළෙලේ දී රිදී පදක්කම තම ඉසව්වෙන් වාර්තා කල අතර සහාය දිවීමේ කණ්ඩායම රන් පදක්කමක් කරා ගෙන යෑමට රුකුලක් විය.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org