මලල ක්‍රීඩාවේ තරු කලඑළි බසී

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

වසරක නිහැඬියාවෙන් පසුව ජාතික තලයේ මලල ක්රීඩක ක්රීඩිකාවන් වෙනුවෙන් ජාතික ශූරතාවලිය අද ආරම්භ විය. ජවන හා පිටිය ඉසව් වසරක පසුබෑමට ලක් කල කොරෝනාවේ බලපෑම අමතක කරමින් ක්රීඩක ක්රීඩිකාවන මහත් උද්යේගයෙන් තරග වදිනු දැක ගත හැකි විය.

එහිදී තරගාවලි වාර්තාවක් සමගින් ජාතික ශූරිය වීමට සාරංගී සිල්වා සමත් විය. අද දැක්වූ දක්ෂතාව ඇය තම ක්රීඩා දිවියේ වාර්තා කල දෙවැනි හොඳම දක්ෂතාවද වේ. මේ අතර නදීෂා රාමනායක මීටර් 200 කාන්තා ශූරිය වූයේ එම ඉසව්වේ පුද්ගලික හොඳම කාලයද වාර්තා කරමිනි.

 

වසර දෙකක පමණ කාලයක් ක්රීඩා පිටියෙන් ඉවත්ව සිටි කාලිංග කුමාරගේ මීටර් 200 ඉසව්ව තත්පර 20.79 ක කාලයකින් අවසන් කළද සුළගේ සහාය +2.4 වීම හේතුවෙන් වාර්තා අතරට එක් නොවීය. කාලිංග 2018 වසරේ දී තහනම් උත්තේජක ලබා ගත් බවට චෝදනා ලැබූ අතර පසුව තරග කිරීමේ අවස්ථාව හිමිවිය.

මේ අතර, කලක සිට මීටර් 5000 හා මීටර් 3000 ජාතික ශූරයා වන සුරංග (RMS) පුශ්පකුමාර හෙටින් පසුව ඔහුගේ සුපුරුදු ඉසව් සඳහා සමුදෙන බව ප්රකාශ කරයි.

අනතුරුව මීටර් 10000 හා මැරතන් ඉසව් සඳහා යොමුවන බවත්, යුද්ධ හමුදාවෙන් විශ්රාම යාමට පෙර සම්පූර්ණ මැරතන් තරගයකට සහභාගී විය යුතු බවත් එහිදී පැවසුවේය. මේ අතර, හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වේ ශූරයා වීමට නැවතත් සුමේධ රණසිංහ සමත් වූ අතර, දුර පැනීමේ ශූරයා වූයේ ශ්රේෂන් ධනංජයයි. පසුගිය වස⁣සරේ ලෝක මලල ක්රීඩා තරගාවලියේ බාධක දිවීමේ ඉසව්වට සහභාගී වීමෙන් පසුව පළමුවරට බාධක දිවීමේ ඉසව්වට වසරකට අධික කාලයකින් පසුව සහභාගී වූ නිලානී රත්නායක නැවත මීටර් 3000 එම ඉසව්වේ ශූරිය වූවාය. සමිත් ප්රනාන්දු යගුලිය විසිකිරීමේ ⁣පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනෟමට සමත් විය.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org