වසරක නිහැඬියාව බිඳිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග බිමේ.

By www.ceylonathletics.com | | Latest News, Sinhala

කොවිඩ් වසංගතය ව්‍යාප්තිය සමගින් මලල ක්‍රීඩා තරගාවලි පැවැත්වීමට අවස්ථාවක් නොවීය.

ඒ අනුව මෙම වසර පුරාම ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රධාන තරගාවලි සඳහා සහභාගීවීමේ අවස්ථාව හිමි නොවීය.

කෙසේ වෙතත්, පවතින තත්ත්වයට අනුගත වෙමින් ජාතික ශූරතාවලිය ලබන 26 සිට 29 වැනි දින පැවැත්වීමට මේවනවිට තීරණය කර ඇත.

ඊට අදාල වෛද්‍ය මාර්ගෝපදේශමාලාවක් එළිදක්වා ඇති අතර, නරඹන්නන්ගෙන් තොරව අවම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් තරගාවලිය පැවැත්වේ.

වසරක කාලයක් තරග නොපැවතීම හේතුවෙන්ම මෙම තරගාවලිය දැඩි තරගකාරී බවක් ගනු ඇත.

එසේම පසුගිය වසරේ තහනම් උත්තේජක චෝදනා හේතුවෙන් තරග කිරීමේ අවස්ථාව අහිමි වූ කාලිංග කුමාරගේ අදාල චෝදනාවෙන් නිදහස් වීමෙන් පසුව  තරග වැදීමට නියමිතය.

එසේම පසුගිය වසරේ ආබාදයට ලක් වූ කෙටිදුර ධාවන ශූරී රුමේෂිකා රත්නායකත් තරග වැදීමට නියමිතවේ.

ඊට අමතරව දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් බලාපොරෝතු අහිමි වූ නදීෂා රාමනායක හා නිමාලී ලියනාරච්චිද වසරකින් නැත තරගබිමට පිවිසීමට අපේක්ෂාවෙන් සිටි.

නදීෂාට ඩෙංගු රෝගය හේතුවෙන් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී තරග වැදීමට නොහැකි වූ අතර, නිමාලී ලියනාරච්චි රිය අනතුරකට ලක්වීම හේතුවෙන් අවස්ථාව අහිමි විය.

තරග සඳහා සඳහා සහභාගීවන ක්‍රීඩක ක්‍රිඩිකාවන් හා නිළධාරීන්ට විශේෂ බස්රථ සේවාවක් සලසා ඇති අතර, ටොරින්ටන් ක්‍රීඩාංගණයෙන් ආරම්භ වනු ඇත. බස්රථ ගමන් ගන්නා කාල සටහන ද පහත දැක්වේ.

තරගාවලියේ මාර්ගෝපදේශයන් හා තරග කාලසටහන පහත දැක්වේ.

තරග කාල සටහන

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org