සාමාන්‍ය පෙල කල්යාමෙන් යොවුන් තරු වැට උඩ

By www.ceylonathletics.com | | English, Latest News, Top Stories

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මස දක්වා කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කිරීමත් සමගින් මෙරට යොවුන් මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වීමේ අපහසු වී තිබෙනවා .
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු පළමුවැනිදා සිට එකොළොස් වැනි දා දක්වා පැවැත්වීමට නියමිත වන අතර ආසියානු ශුරතා මලල ක්‍රීඩා යොවුන් තරගාවලිය ද ලබන වසරේ මාර්තු පළමුවැනිදා සිට 4 වැනිදා දක්වා කුවේට් හිදී පැවැත්වීමට නියමිතයි.

2015 වසරේ දී ආරම්භ වූ ආසියානු ශුරතා යොවුන් මලල ක්‍රීඩා තරගාවලි මාලාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ අවස්ථාවල පදක්කම් පදක්කම් දිනා දීමට සමත් විය.

පසුගිය වසරේ දී හොංකොං හිදී පැවති ආසියානු ශුරතා යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදි ද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පදක්කම් තුනක් දිනා ගැනීමට සමත් විය .

පසුගිය වසරේ පාසල් ක්‍රීඩා පිටියේ දැක් වූ දක්ෂතා අනුව ඉදිරි තරගාවලියේ දී පදක්කම් දිනාගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් හඳුනා ගැනින.
ඒ අතරට, පසුගිය වසරේ පැවැති සමස්ත ලංකා ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ දී නව තරග වාර්තා සමගින් පදක්කම් 5 බැගින් දිනා ගත් දිනා ගත් කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය විද්‍යාලයේ සිතුම් ජයසුන්දර හා මහනුවර වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලය තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව මෙවර ආසියානු යොවුන් ශූරතාවලියේ දී පදක්කම් කිහිපයක් දිනා ගනු ඇතැයි විශ්වාසය තබා සිටි ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩිකාවක් විය.

කෙසේවෙතත් ඔවුන් දෙදෙනාම මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට සිටීම පෙනී සාමාන්‍ය පෙල කල්යාමෙන් යොවුන් තරු වැට උඩසිටීමට නියමිත බැවින් මෙමෙ කල් යාම් ඔවුන්ගේ ක්‍රීඩා දිවියට බලපෑමක් එක කර තිබෙනවා

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ කළ විමසීමකදී පවසා ඇත්තේ ආසියානු මලල ක්‍රීඩා සංගමය, යොවුන් මලල ක්‍රීඩා ශුරතා තරගාවලිය එම කාලයේ දීම පැවැත්වීමට කටයුතු කරනු ඇති බවයි.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org