අර්ධ මැරතන් තරගයෙන් නව ලෝක වාර්තාවක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

අර්ධ මැරතන් පිරිමි ලෝක වාර්තාව හිමි කරගැනීමට කෙන්යාවේ කිබිවොට් කෙන්ඩි (මිනිත්තු 58:01) අද සමත් විය. ස්පාඤ්ඤයේ වැලන්සියා මැරතන් තරගාවලියේ අර්ධ මැරතන් ඉසව්වේ දී ඔහු එම දක්ෂතාව දක්වන ලදී.

මීට පෙර මැදි දුර ඉසව්වල ලෝක ශූරියක් වන ඉතියෝපියාවේ ගෙන්සිබේ ඩිබාබා (Genzebe Dibaba) අද අර්ධ මැරතන් තරගයට සහභාගී වීම විදෙස් මාධ්යවල වැඩි අවධානයක් යොමු විය. ඩිබාබා කාන්තා ඉසව්ව ජයග්රහණය කළේ පැය 1:04.31ක කාලයක් වාර්තා කරමින් වන අතර එය වාර්තා අතරට එක් වූයේ ක්රීඩිකාවක් අර්ධ මැරතන් තරගයකට සහභාගී වූ පළමු අවස්තාවේදී වාර්තා වූ හොඳම කාලය ලෙසයි.

ඩිබාබා මීටර් 1500 ඉසව්වෙන් ලෝක වාර්තාව හිමි ක්රීඩිකාවයි. එසේම මීටර් 1500 ලෝක ශූරතා රන් පදක්කම මෙන්ම ඔලිම්පික් පදක්කම්ද හිමිකරගත් ක්රීඩිකාවක වන අතර, ගෘහස්ත මලල ක්රීඩා ලෝක වාර්තා රැසක් පිහිටුවන ලද ක්රීඩිකාවක්.

Full Results :-https://live.sporthive.com/event/9946/show/resultados-mediomaraton

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org