කෘතීම ධාවන පථ ගණනාවක් – 2021 අයවැයෙන් ක්‍රීඩාවට අතිරේක අවධානයක්.

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ලබන වසර වෙනුවෙන් අයවැය අද ගරු අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ අරමුණින් පහත සඳහන් ප්‍රතිපාදන ලබා දීමට නියමිතවේ.

  • ක්‍රීඩා පාසල් දහයක් කෘතීම ධාවන පථ සහිතව සංවර්ධනය කිරීමට පියවර.
  • 2032 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් ක්‍රීඩා සංකීර්ණයක් ඉදි කිරීමට පියවර.
  • ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා සඳහා කාන්තා සහභාගීත්වය පුළුල් කිරීමට සැලසුම්.
  • 2025 වන විට ඇමරිකානු ඩොලර් මිලියන 1000 ක ක්‍රීඩා ආර්ථිකයක් නිර්මාණය කිරීමට සැලසුම්.
  • 2021-2024 මැදි කාලීන අයෝජනයේ ආරම්භක ප්‍රග්ධනය ලෙස රුපියල් මිලියන 2000 ක අතිරේක ප්‍රතිපාදනයක් වෙන් කිරීමට යෝජනා වෙයි.
  • කුරුණෑගල, යාපනය, ටොරින්ටන්, දියගම හා බෝගම්බර ක්‍රීඩාංගණවල කෘතිම ධාවන පථ ඉදිකිරීම.
  • ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා තොරතුරු තාක්ෂණය හා නවීන තාක්ෂණික පහසුකම් සහිත නවීන ක්‍රීඩා නගරයක් සූරියවැව ප්‍රදේශයේ ඉදිරි කිරීම.
  • ග්‍රාමීය පාසල් ක්‍රීඩා පිටි, ග්‍රාමීට ක්‍රීඩා සංවිධාන, පාසැල් සිසුන් ක්‍රීඩාවට යොමු කිරීම, ප්‍රදේශීය ක්‍රීඩා සංවර්ධනය, වොලිබෝල් ක්‍රීඩාව හා කාන්තා ක්‍රීඩා සහභාගීත්වය පුළුල් කිරීමට අදාළ සංවර්ධන කටයුතු කිරීමට රුපියල් මිලියන 3000 ක අතිරේක ප්‍රතිපාදන වෙන් කෙරේ.

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org