හිරුණි හා සැමියා හෙට තරග බිමේ – Live Stream

By www.ceylonathletics.com | | Latest News, Sinhala

 

දකුණු ආසියානු මැරතන් වාර්තාව හිමි හිරුණි විජේරත්න, පෝලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා අර්ධ මැරතන් තරගයට හෙට සහභාගී වීමට නියමිතය.

ඇය මෙහිදී තරගවදින්නේ, වෙනිසියුලානු ජාතික මැරතන් ශූරයෙකුවන තම සැමියා සමග වීම විශේෂත්වයක් වේ.

හිරුණි මෙම වසර මුලදී, මීටර් 5000 ශ්‍රී ලංකා වාර්තාව ද තමා සතු කරගැනීමට සමත් වූවාය.

ඇමරිකාවේ කොලරාඩෝ හී වෙසෙන හිරුණි හා ලුවිස් ඕර්ටා, එක්ව පුහුණුවීම් සිදුකරන අතර, ඔවුන් දෙදෙනාම  අර්ධ මැරතන් ඉසව්වේන් ජාතික වාර්තාව සතු කරගෙන සිටීම විශේෂත්වයක් වේ.

හිරුණි හා සැමියා ලුවිස් මීට පෙර 2017 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී, මැරතන් ඉසව්වට සහභාගී වී ඇත.

ලෝක ශූරතා අර්ධ මැරතන් තරගය හෙට මෙරට වේලාවෙන් පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිත වන අතර, එය සජීවීව නරඹීමේ අවස්ථාවද හිමිවනු ඇත.

කොවිඩ් හේතුවෙන් ලොව ක්‍රීඩා තරගාවලි පැවැත්වීමට බාධා මතු වූ අතර, මෙම වසරේ ලෝක මට්ටමින් පැවැත්වෙන එකම මලල ක්‍රීඩා තරගය වන්නේ ද, මෙම තරගයයි.

මීට රටවල් 50 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 250 ක් සහභාගීවීමට නියමිතවේ.

Download pdf entry lists by event

Download pdf entry lists by country

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org