ක්‍රීඩාංගණ රැක ගන්න අමාත්‍යවරයාගෙන් දැඩි තීන්දුවක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala

කොළඹ ටොරින්ටන් ක්‍රීඩාගණයේ දී ලෝක ළමා දිනය වෙනුවනේ ඊයේ(30) පැවති උත්සවයකට භාණ්ඩ ගෙන ආ ලොරි රථ ක්‍රීඩාංගණය හරහා යෑම හේතුවෙන් මඩ ගොහොරුවක් බවට පත් වූ ඡායාරූප කිහිපයක් අප අද පළ කළෙමු.

ඒ හේතුවෙන්, යගුලිය විසිකිරීමේ පුහුණු කවය අසල මඩ ගොහොරුවක් බවට පත්විය.

අදාළ ඡායාරූප පළ කර පැය දෙකක් යන්න මත්තෙන්, ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර උපදෙස් ලබා දීමට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කටයුතු කර ඇති බව, නිළ ෆේස්බුක් පිටුව හරහා අදහස් පළ කර ඇත.

ඉහත සඳහන් කළ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේද ක්‍රීඩා අමාත්‍යවරයා ය.

ක්‍රීඩාංගණ රැක ගැනීම අප සැමගේ යුතුකමක් හා වගකීමක් ලෙස පෙන්වා දෙන ඒ මහතා, මින් ඉදිරියේ දී සංගීත සදර්ශන පැවැත්වීමේ දී හා ක්‍රීඩාංගණ තුළ වාහන ගාල් කිරීමේ දී දැඩි ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නා බව ද අමාත්‍යවරයා පවසයි.

කෙසේ වෙතත් අද පස්වරුවේ ම නිළධාරීන් හා සේවකයන් එක්ව අදාල ප්‍රදේශ නැවත පිළිසකර කිරීමට කටුයුතු ආරම්භ කර තිබේ.

ආදාල පල කිරීම හා අමාත්‍යවරයාගේ අදහස් පළ කිරීම පහතින්..

මේ පිළිබද අවධානය යොමු කිරීම පිළිබදව ස්තුතිවන්ත වන අතර පවතින ක්‍රීඩාංගන ආරක්ෂා කිරීමේ වගකීම අප සතු වනවා. එම වගකීමෙන් බැහැරවීමට කිසිවෙකුටත් නොහැකිය. ක්‍රීඩාංගන තුළ වාහන ගාල් කිරීමේදී හා සංගීත සංදර්ශන පැවැත්වීමේදී ඉදිරියේදී දැඩි ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නා අතර මෙවැනි සිදුවීම් යළි නොවීය යුතුයි. ඒ සදහා අදාළ නිලධාරින්ට මා උපදෙස් ලබාදුන්නා.

ටොරින්ටන් ක්‍රීඩාංගණයේ සේවකයන් පසුවරුවේම අදාළ ස්ථාන පිළිසකර කටයුතු කිරීමට කටයුතු කර ඇත.

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org