“ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ එකමුතුව” ඇරඹෙයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala

අලුතින් අලුත් විදියට අලුත් දෙයක්.

SRI LANKA TRACK AND FIELD ATHLETES WING ‘- ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ එකමුතුව ඇරඹෙයි.

මෙරට මලල ක්‍රීඩා ඉතිහාස⁣යේ ඔලිපික් පදක්කම්⁣ දෙකක් හා වැඩිම ආසියානු, පොදුරාජ්‍ය මණ්ඩලයීය, මෙන්ම දකුණු ආසියානු පදක්කම් දිනා ගත්/දිනාදුන් මලල ක්‍රීඩාවට හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අනාගතයේ දී සාධනීය වැඩකටයුතු කිහිපයක් සිදු කිරීමේ අරමුණින් මෙරට ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගේ එකමුතුව ( SRI LANKA TRACK AND FIELD ATHLETES WING) ඊයේ (23) පිහිටුවා ගැනිණි.

කණ්ඩායමක් ලෙස ඉදිරියේදී සියලුම සහෘදයින් වෙනුවෙන් ඉදිරිපත් වීමට කැපවී කටයුතු කිරීමේ අරමුණ ඇතුව ආරම්භ කල මෙම එකතුමුත්වේ ,ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුබසාදනයට, ජාතික වාර්තාවකට මුල්‍යමය වටිනාකමක් ලබාදීමට, ඔලිම්පික් පරිසාදන මට්ටම සපුරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මුල්‍යමය වටිනාකමක් ලබාදීම ද අරමුණු අතර වේ.

එසේම ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ලැබිය යුතු ප්‍රචාරණය හා සුරක්ෂිතභාවය සහතික කිරීමත්, නැගී එන කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අභිවෘදධිය වෙනුවෙන් කටයුතු කිරීම වැනි අරමුණු පෙරටු කරගෙන කටයුතු කිරීමට මෙම එකමුතුවෙන් බලාපොරොත්තු වේ .

ඊට අමතරව අවමංගල්‍යාකදී හෝ වෙනයම් ව්‍යසනයකදී සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශක්තියක් වීම ද ප්‍රමුඛතාවක් ලෙස දැක්විය හැක.

කෙටිදුර ධාවන ඉසව් හරහා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර ජයග්‍රහණ වාරතා කර අනතුරුව යගුලිය විසි කිරීමේ ඉසව්ව තෝරා ගනිමින් ශ්‍රී ලංකාව නියෝජනය කල ජෝයි දනුෂ්ක පෙරේරා මෙම එකමුතුවේ සභාපතිත්වයේ කටයුතු කරයි.

යොවුන් පොදුරද මඩුලු වේගවත්ම ක්‍රීඩකයා මෙන්ම දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයෙකුවූ, පසුගිය වසරේ ක්‍රීඩාවෙන් සමුගත් ෂෙහාන් අඹේපිටිය එහි ලේකම්ධූරය දරයි.

ජාතික සංචිතය නියෝජනය කළ හෝ නියෝජනය කරන  සියලුම ක්‍රීඩකයන් නියෝජනය වන සේ ආරම්භ වූ මෙම එකමුතුව හා එක් වීමට සියලුම ජාතික සංචිතය නියෝජනය කළ හෝ නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අරාධනය කර සිටියි.

මෙම සංගමය මගින් ඉදිරියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා යෝජිත ප්‍රතිලාභ පහත පරිදි වේ

• ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුබසාදනය
• ජාතික වාර්තාවකට මුල්‍යමය වටිනාකමක් ලබාදීම
• ඔලිම්පික් පරිසාදන මට්ටම සපුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මුල්‍යමය වටිනාකමක් ලබාදීම
• ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මනා ප්‍රචාරණයක් ලබදීම
• වෘතීමය ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමේ අභිලාශය ලගා කරදීම
• ක්‍රීඩාවෙන් පසු භාහිර වෘතීමයය වටිනා කමක් හා පුහුණුවක් ලබාදීම
• කනිෂ්ට ක්‍රීඩකයන්ගේ අභිවෘදධිය තකා කටයුතු සංවිදානය කීරිම
• අවමංගල්‍යාධාර

සංසදයේ නිළධාරී මණ්ඩලය හා කමිටු සාමාජිකයින්

සභාපති – ජොයි ධනුෂ්ක පෙරේරා
ලේකම්- ෂෙහාන් අඹේපිටිය
භාණ්ඩාගාරික- ධනුක ලියනපතිරණ
ප්‍රධාන සංවිධායක- අරවින්ද සමරනායක
උප සභාපති- සුමේධ රණසිංහ , වරුණ ලක්ෂාන්
උප ලේකම්- ඉරේෂානි රාජසිංහ
උප භාණ්ඩාගාරික- අංජනී පූල්වන්ස

ගණන් පරීක්ෂක- සාලින්ද රන්දිව්

කාරක සභාව

හිමාෂ ඒෂාන්
සංජය ජයසිංහ
දුලාංජලී රණසිංහ
කුපුන් කුෂාන්
තාරිකා ප්‍රනාන්දු
ලක්ෂානී සුගන්ධී
දිලිප් රුවන්
සිසිර කුමාර
ඉෂාරා මධුරංගී
සෆ්රීන් අහමඩ්

 

වැඩිදුර තොරතුරු සඳහා අමතන්න
ජෝයි ධනුශ්ක පෙරේරා – 0773 622 383
ශෙහාන් අඹේපිටිය – 0774 902 501

[wp_show_posts id=”21005″]

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org