ආධුනික මලල ක්‍රීඩා පුහුණුකරුවන්ට දින 12 පාඨමාලාවක් මේ මස දී

By www.ceylonathletics.com | | Latest News, Sinhala

2021 වසරේ සිට පුහුණුකරු බලපත්‍රය නොමැතිව ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුකිරීමේ අවස්තාව නොලැබෙන බවත්, ඒ අනුව අදාළ පුහුණුකරුවන්ට පාඨමාලාවක් අරම්භ කරන බවත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය නිවේදනය කරයි.

අධ්‍යාපන අමාත්‍යංශයට අනුබද්ධව මෑතක දී සේවයට එක්වූ නවක පුහුණුකරුවන්ට මෙන්ම, ස්වේච්ඡා පුහුණූකරුවන්ට ද මෙම පාඨමාලාව විවෘත විය.

ඒ අනුව කළ සම්මුඛ පරීක්ෂණයෙන් ඊට තිස් දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර, ඔවුන් වෙනුවෙන් ඉහත පුහුණු පාඨමාලාව ලබන 25 වැනි දා සිට ඔක්තෝබර් 6 වැනි දා දක්වා කොළඹ 7 හොකී ක්‍රීඩාංගණ ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙනු ඇත.

සාර්ථකව පාඨමාලාව අවසන් කරන පුහුණුකරුවන් හට සහතික පත්‍ර පිරිණමන අතර, ඉහළ දක්ෂතා දක්වන්නන් ඉදිරියේ දී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා අදියර 1 පාඨමාලාවට සහභාගී කරගනු ඇති.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org