ෆින්ලන්තයේ හොදම විසි කිරීමේ පුහුණුකරුවෙක් ලංකාවට

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

2013 දී ආසියානු ශූරතා රිදී පදක්කම් දිනා ගැනීම සඳහා නදීකා ලක්මාලි සහ සචිත් මදුරංග පුහුණු කළ ෆින්ලන්ත විසි කිරීමේ පුහුණුකරු  Petteri Piironen, ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සුදානම් බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු වැඩි දුරටත් පැවසුයේ ක්‍රීඩා අමාත්යංශය මේ සදහා දැනටමත් ඔවුනට අවසර දී ඇතත් පවතින කෝවිඩ් -19 තත්ත්වය හේතුවෙන් මේ කාරණය තාවකාලිකව අත්හිටුවා ඇති අතර තත්වය සමනයවූ වහාම ඔහු ගේනවා ගැනීමට කටයුතු සිදු කරනු බවයි.

ශ්‍රී ලංකාවේ දැනට ජාත්‍යන්තර පුහුණුකරුවන් තිදෙනෙක් සිටී. කියුබානු පුහුණුකරුවන් දෙදෙනෙකු වන ලුයිස් මිරැන්ඩා (පැනීම් ) සහ සර්ජියෝ මැනුවෙල් රොඩ්‍රිගස් (කෙටි දුර ) – සහ කෙන්යාවේ හිටපු ජාතික පුහුණුකරු ලෙස කටයුතු කළ මැදි දුර පුහුණුකරු ඩෑන් මුචෝකි, ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කරති.

මුචෝකි දැනට නුවරඑලිය ප්‍රදේශයේ ඉහළ උන්නතාංශ පුහුණුවක් ලබා දෙන අතර කියුබානු පුහුණුකරුවන් දෙදෙනා කොළඹ කේන්ද්‍ර කරගනිමින් පුහුණුවීම් කටයුතු සිදුකරයි.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org