ආසියානු සහය දිවීම් ශුරතාවය ඇතුළු තරග ගණනාවක් 2021දී

By www.ceylonathletics.com | | Latest News, Top Stories

2021 ආසියානු මලල ක්‍රීඩා සංගමයේ තරග කාල සටහන මේ වනවිට නිකුත්වී තිබෙනවා. මෙහිදී නවතම ඉසව්වක් ලෙස ආසියානු සහය දිවීමේ ශුරතාවලිය පැවැත්වෙන්නේ අප්‍රේල් මස 3 සහ 4 යන දිනයන්හි තායිලන්තයෙදියි.
මීට අමතරව ආසියානු ශුරතාවලිය, ආසියානු ගෘහස්ත ක්‍රීඩා උළෙල, ආසියානු රට හරහා දිවීමේ ශුරතාවලිය සහ ආසියානු මැරතන් ශුරතවලියත් 2021 වසරේ පළමු මස හය තුලදී පැවැත්වෙනවා.

එසේම ආසියානු යොවුන්(අවුරුදු 18න පහල) මලල ක්‍රීඩා ශුරතාවලිය මෙන්ම ,ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලත් (අවුරුදු 17න පහල) පැවැත්වීමට නියමිතයි. මෙහිදී ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල අවසන් වරට පැවැත්වුයේ 2013 වසරේ වන අතර 2017 වසරේ එම ශුරතාවලිය ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබුනත් නියමිත පහසුකම් නොමැති බැවින් එම උළෙල අවලංගු උනා .

Asian Athletics Calendar 2021
Date Event Venue
February 15th Asian Cross- Country Championships Hong Kong, HKG
February 28 18th Asian Marathon Championships Chiangrai, THA
March 11-14 4th Asian Youth (U18) Athletics championships Kuwait, KUW
Marc 21 Asian 20km Race Walking Championships Nomi City,JPN
April 3-4 Asian Relays Songhkla, THA
May 20-23 24th Asian Athletics Championships Hangzhou, CHN
May  27-29 Asian Indoor &Martial Art Games (Athletics) Bangkok&Chonburi, THA
Nov 24-27 3rd Asian Youth Games (Athletics) Shantou , CHN
                        Other Events  
April South East Asia Youth Athletics Championship TBD
June 12-13 International Competition T. Kolpakova Bishkek, KGZ
June 19-20 International Meeting G. Kosanov Memorial Almaty, KAZ
Sep Mokpo International Throws Meeting Mokpo,KOR
Dec 31st South East Asia Games (Athletics) Hanoi, VIE
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org