ජාතික මලල ක්‍රීඩා ශුරතාවලිය පැවැත්වෙන්නේ නොවැම්බර් මස 30 වනදායින් පසුව පමණයි

By www.ceylonathletics.com | | Latest News, Top Stories

ලෝක ශ්‍රේණිගත කිරීම් සදහා හෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගැනීම සදහා ලබන දෙසැම්බර් මස 1 දිනට පෙර පවත්වන කිසිදු තරගාවලියක් වලංගු නොවන බැවින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මගින් පවත්වනු ලබන ජාතික මලල ක්‍රීඩා ශුරතාවලිය ද දෙසැම්බර් මසට පෙර නොපැවැත්වෙනු ඇත.

ජගත් මලල ක්‍රීඩා සංගමය මගින් පසුගිය ජුනි මස ප්‍රකාශයට පත්කල ආකාරයට ඔවුන්ගේ ලෝක ශ්‍රේණිගතකිරීම් හා ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමට වලංගු කාලය 2019 මැයි 1 වැනිදා සිට 2020 අප්‍රේල් 5 දක්වා හා 2020 දෙසැම්බර් 1 වැනි දා සිට 2021 ජූනි 29 වැනි දා දක්වා ලෙස දැක්වේ.

මේ අනුව,2020 අප්‍රේල් 5 සිට දෙසැම්බර් 1 වැනි දා දක්වා කාලය තුළ පැවැත්වෙන කිසිදු තරගයක ප්‍රතිඵල වලංගුනොවන බව ද ලෝක මලල ක්‍රීඩා සංගමය නිවේදනය කර තිබේ .

මෙහිදී ලෝක ශ්‍රේණිගතකිරීම් සදහා සැලකිල්ලට ගනු ලබන ඉහලම ශේණිගත තරගාවලිය වන්නේ ජාතික මලල ක්‍රීඩා ශුරතාවලිය වන අතර එය දෙසැම්බර් මස 01 වන දිනට ප්‍රථමව පැවැත්වුවහොත් එම දක්ෂතා හෝ ඉහල ප්‍රසාද ලකුණු වල වාසිය මෙරට ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාගැනීමට නොහැකිවනු ඇත.

තවද මෙම සුදුසුකම් ලැබීමේ කාලය දෙසැම්බර් මස 01 වනදා සිට 2021 මැයි 31 දක්වා වලංගු වන බැවින් දෙසැම්බර් මස පවත්වන 2020 ජාතික ශුරතාවලිය මෙන්ම 2020 මැයි මස පැවැත්වීමට සැලසුම් කර ඇති 2021 ජාතික ශුරතා තරගාවලි දෙකේදීම ඉහල ප්‍රසාද ලකුණු ප්‍රමාණයක් හිමිකරගැනීමට මෙරට ක්‍රීඩිකාවන්ට හැකිවනු ඇති .
මෙහිදී බී කාණ්ඩයට අයත් ජාතික ශුරතවලියේ ජයග්‍රහකයෙක්ට තම දක්ෂතාවයට ලැබෙන ලකුණු ප්‍රමාණයට අමතරව ප්‍රසාද ලකුණු 100 ලැබෙන අතර 08 වෙනි ස්ථානය දක්වා සියලුම ක්‍රීඩකයන්ට ප්‍රසාද ලකුණු හිමිවේ. එබැවින් ජාතික ශුරතාවලියේ ජයග්‍රහණය කරමින් අඩු දක්ෂතාවයක් පෙන්නුම් කල ද ඉන් ලැබෙන ප්‍රසාද ලකුණු ගණන වෙනත් තරගාවලියකදී ඊට ඉහල දක්ෂතා දැක්වූ විට ලැබෙන ලකුණු ප්‍රමාණයට වඩා වැඩිවේ . මෙම ප්‍රසාද ලකුණු ප්‍රමාණය දෙවතාවක් සුදුසුකම් ලැබීමේ කාලය තුල ලබාගැනීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකිවන්නේ දෙසැම්බර් මස 1 වනදා සිට හෝ ඊට පසුව ජාතික ශුරතාවලිය පවත්වුහොත් පමණි . අන් වසර වල මෙන් නොව මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගැනීමට ඇති සුදුකම් ලබාගැනීමේ කඩයිම් දක්ෂතා බොහෝ ඉහල දමා ඇති අතර ශ්‍රී ලංකාවට බලාපොරොත්තු රදවා ගත හැක්කේ ලෝක ශ්‍රේණිගතකිරීම් වර ඉහල අගයක් ලබාගැනීමේ අවස්ථාව පිළිබදවය.

මෙරට බොහෝ පුහුණුකරුවන් පවා මේබව නොදැන තරගාවලි ලබදෙන මෙන් ඉල්ලුම් කරමින් සිටින අතර ඇතැම් ප්‍රවීණ පුහුණුකරුවන්ද තරගාවලි ඉක්මනින් පැවැත්වීම සදහා අර අදින්නේ මෙරට ක්‍රීඩකයන්ට අවාසියක් වන බව නොදැන විය හැක . එබැවින් පහත යෙදුම් ඔස්සේ ලෝක මලල ක්‍රීඩා වෙබ් අඩවියට පිවිස හෝ අප විසින් මෙම සුදුසකම් ලබාගැනීම පිළිබද මීට කලින් පල කරන ලද ලිපි කියවා එම දැනුම ලබාගන්නා මෙන් ආරාධනා කරන අතර එසේ අවබෝද නොවන්නේනම් අපෙන් හෝ මලල ක්‍රීඩා සංගමයේ ජෙෂ්ට නිලධාරියෙක් වන සමන් කුමාර ගුණවර්දන මහතාගෙන් විමසා දැනුවත් වන ලෙස ද ඉල්ලීමක් කරමු .

ජගත් මලල් ක්‍රීඩා ශ්‍රේණිගතකිරීම් පිළිබද සම්පුර්ණ විස්තරය :- https://bit.ly/2VxuUDE

කොරෝන වයිරසයෙන් පසුව නව ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ කාලය හා සබැදි අනෙකුත් විස්තර :- https://bit.ly/3dIxTza

ලබාගන්න ස්ථානය අනුව ප්‍රසාද ලකුණු (ඒ එක් එක් තරගාවලි කාණ්ඩ අනුව )

තරගාවලි කාණ්ඩ

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org