හිටපු ලෝක මලල ක්‍රීඩා සභාපති තහනම් උත්තේජක භාවිතයට අනුබල දුන් බව පිළිගනී

By www.ceylonathletics.com | | English, Latest News, Sinhala, Top Stories

ක්‍රීඩාවේ “මූල්‍ය සෞඛ්‍යය” උදෙසා රුසියානු තහනම් උත්තේජක සැක සහිත සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ ප්‍රමාද කිරීමට හා එකතැන පල්වීමට එකඟ වූ බව හිටපු ලෝක මලල ක්‍රීඩා සංගමයේ ර ප්‍රධානී ලැමීන් ඩයැක් බ්‍රහස්පතින්දා සිය දූෂණ නඩු විභාගයට පෙනිසිටිමින් පැවසීය.

වසර 16 ක් තුළ අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනයේ (අයිඒඒඑෆ්) ප්‍රධානියා ලෙස කටයුතු කළ ඩයැක්, පැරීසියේ උසාවියකට කියා සිටියේ රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 23 දෙනෙකුගේ තහනම් උත්තේජක ගත් බවට පරීක්ෂණ මගින් තහවරු වීමෙන් පසුව තහනම ප්‍රමාද කිරීමට තමා තීරණය කළ බවයි.

“එය ප්‍රධාන වශයෙන් සංගමයේ මූල්‍ය සෞඛ්‍යය සඳහා” යැයි ඩයැක් පැවසීය.

“ලෝක මලල ක්‍රීඩා සංගමයේ මූල්‍ය සෞඛ්‍යය ආරක්ෂා කළ යුතුව තිබූ අතර එම සම්මුතිය ඇති කිරීමට මම සූදානම්ව සිටිමි.”

87 හැවිරිදි සෙනෙගාල ජාතික ඩයැක්, 2012 ලන්ඩන් ඔලිම්පික් හා ඊළඟ වසරේ මොස්කව් නුවර පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට අදාළ රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරඟ කිරීමට අවස්ථාව ලබා දීම සඳහා තහනම ප්‍රමාද වූ බව පිළිගෙන තිබේ.

රුසියානු රජයේ බැංකුව වන VTB සහ RTR ගුවන් විදුලි නාලිකාව ඇතුළු අනාගත රුසියානු අනුග්‍රාහකයන් සමඟ සාකච්ඡා අවහිර කිරීම වැළැක්වීම මෙහි අරමුණ විය.

1999 සිට 2015 වසර 16ක් අකණ්ඩව දක්වා ලෝක මලල කරද සංගමයේ සභාපති ධුරය දැරූ ඩයැක් රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් යූරෝ මිලියන 3.45 ක් (ඩොලර් මිලියන 3.9 ක්) පගාවක් ඉල්ලා සිටියේ ඔවුන්ගේ නම් ඉවත් කර ගැනීම සඳහා බව නීතිවේදීන් පවසති.

“පූර්ණ ආරක්ෂාව” ලෙස හැඳින්වෙන මෙහෙයුමක් යටතේ තහනම් පැනවීමේ ප්‍රමාදය නිසා සමහර රුසියානුවන්ට ලන්ඩන් ඔලිම්පික් උළෙලේ පදක්කම් දිනා ගැනීමට අවස්ථාව ලැබුණි.

රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වැරදි වසන් කිරීම හෝ ප්‍රමාද කිරීම වෙනුවෙන් ඔහු ජයග්‍රහණය කළ 2012 සෙනෙගල් ජනාධිපතිවරණය සඳහා මැකී සෝල්ගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය වීම සඳහා ඩොලර් මිලියන 1.5 ක් රුසියානු අරමුදල් ලබා ගත් බවට චෝදනා ,ඩයැක් බ්‍රහස්පතින්දා උසාවියේදී ප්‍රතික්ෂේප කළේය.

දූෂණය, මුදල් විශුද්ධිකරණය සහ විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් ඩයැක්ට නඩු පවරා විභාග වෙමින් පවතී .

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org