ක්‍රිඩා ශක්ති ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහස් ගණනකට පහුගිය වසරේම සත පහක්වත් නෑ

By www.ceylonathletics.com | | English, Latest News, Top Stories

ක්‍රිඩා ශක්ති වැඩසටහනට ඇතුළත් වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත්, දිවයින පුරා සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහස් ගණනකට ඔවුන් ඇතුළත් කරන අවස්ථාවේ දී පොරොන්දු වූ මාසික දීමනා තවමත් ලැබී නොමැත.

ක්‍රිඩා ශක්ති පුහුණුකරුවන්ගේ මඟ පෙන්වීම යටතේ නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතා සඳහා මසකට රුපියල් 1,500.00 ක මුදලක් ගෙවනු ලැබේ. ලංකාවේ සැමවෙලේම පවතින නිළදාරි ප්‍රමාදයන් හේතුවෙන් විවිධ ක්‍රීඩා වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහස් ගණනකට තවමත් මෙම ප්‍රතිලාභ ලැබී නොමැත.

මෙම වැඩසටහනට සමීප ආරංචි මාර්ග වලට අනුව, 2019 වර්ෂය තුළ දිවයින පුරා සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහස් ගණනකට ප්‍රතිලාභ ලැබී නොමැති අතර 2019 ජුනි මාසයේදී මෙම වැඩසටහනට ඇතුළත් කර ඇති නව ප්‍රතිලාභීන් සිය ගණනකට තවමත් කිසිදු දීමනාවක් ලැබී නොමැත.

මෙය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විශ්වාසයට බාධාවක් විය හැකි අතර අනාගතයේදී ඔවුන්ගේ සහභාගීත්වය අධෛර්යමත් කරනු ඇතැයි ප්‍රවීණ පුහුණුකරුවන් පවසයි.
“බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දුර්වල ආර්ථික පසුබිමකින් පැමිණි අයයි. මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දෛනික පුහුණුව සඳහා ගමන් වියදම් පවා සොයා ගැනීම ඉතා අසීරු කරුණකි. මූල්‍ය ආධාර යනු ක්‍රීඩාවේ රැඳී සිටීමට ඔවුන් දිරිමත් කිරීම සඳහා අපට කළ හැකි එක් දෙයක් ”

ආරංචි මාර්ග සඳහන් කළේ, අරමුදල් හිඟයට වඩා නිලධාරිවාදය නිසා එම මුදල් නියමිත වේලාවට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පැවරීම වළක්වා ඇති බවයි.

“පසුගිය වසරේ ක්‍රීඩා අමාත්‍යාංශයට ප්‍රමාණවත් අරමුදල් තිබුණා. එහෙම නැතිඋනානම් ඔවුන් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට විශාල කණ්ඩායමක් යැවීමට විශාල මුදලක් වැය කරන්නේ නෑනේ . එය නොසැලකිලිමත්කම නිසා හා ක්‍රියා පටිපාටි මන්දගාමී වී තිබෙන නිසා සිදුවෙලා තියන දෙයක් .”

පසුගිය වසරේදී නව දක්ෂතා මෙම වැඩසටහනට ඇතුළත් කළ විට බොහෝ කතාබහට ලක්විය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ මාසික දීමනා සුමටව මාරුවීම සඳහා නව බැංකු ගිණුම් විවෘත කරන ලෙස ඉල්ලා සිටියේයනමුත් දැන් මේ වයස අවුරුදු 16-20 අතර සිටින මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවී තිබෙන්නේ එම සොච්චම් මුදල ලබා ගැනීමටත් සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඔවුන්ගේ කාලය නාස්ති කරමින් විමසීම් සිදුකිරීමටයි .

ක්‍රිඩා ශක්ති වැඩසටහන ක්‍රීඩා අමාත්‍යාංශයට අනුයුක්ත ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලැබේ. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ 2012 දී එය ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන අනාගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා කිහිපයකම පෝෂණය කරයි. සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන වශයෙන්මලල ක්‍රීඩා , පාපන්දු, කබඩි, වොලිබෝල් සහ නෙට්බෝල් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 180 ක් පමණ සිටිති.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org