ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වතාවට වෙරළ මලල ක්‍රීඩා කණ්ඩායමක් 2020 ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලට

By www.ceylonathletics.com | | Latest News, Top Stories
Beach Athletics

මෙම වසරේ නොවැම්බර් 26 සිට දෙසැම්බර් 5 දක්වා චීනයේ සන්යා පෙදෙසේ පැවැත්වෙන 6වන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමක් ඉදිරපත් කිරීමට සුදානමෙන් පසුවේ.
මේ සම්බන්දයෙන් විමසන ලදුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පැවසුවේ මෙරට ක්‍රීඩා බලධාරීන් වෙරළ ක්‍රීඩා උළෙලට මළල ක්‍රීඩා කණ්ඩායමක් එවන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටින පළමු අවස්ථාව මෙය බවයි. සෙසු ක්‍රීඩා උළෙල පහ සඳහා තරඟ වැදුණු ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කම් 6 ක් පමණක් දිනාගෙන ඇති අතර සහභාගී වූ ජාතීන් 42 න් 37 වන ස්ථානයට පත්ව ඇති අතර තායිලන්තය තරග උළෙල පහකින් රන් පදක්කම් 130 ක් ලබා ඇත. වෙරල මලල ක්‍රීඩා ඉසව් 2014 වගේම 2016 වසරේ පැවතුනත් අදාල බලදාරින් මලල ක්‍රීඩා සංගමයෙන් කණ්ඩායමක් ඉල්ලුම් නොකර බව පැවසෙනවා.

මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාගෙන් විමසීමක් කළ විට ඔහු කියා සිටියේ කණ්ඩායමක් යැවීමට සංගමයේ උනන්දුවක් දක්වන නමුත් ,ප්‍රධාන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හෝ රිලේ කණ්ඩායම් වල ප්‍රබල සාමාජිකයන් ඒ සඳහා යැවීමට මැලිකමක් දක්වන බවයි. ඔලිම්පික් සුදුසුකම් ලබාගැනීම සහ ලබන වසරේ පැවැත්වෙන අනෙකුත් ප්‍රධාන ශුරතාවලි සදහා පුහුණුවීම් කරන ඔවුන් වෙරල මලල ක්‍රීඩා උළෙලෙන් අබාද වලට ලක්වීමේ අවදානමක් පැවතීම එයට හේතුව ලෙස සදහන් කර සිටියා.

වෙරල මලල ක්‍රීඩා යනුවෙන් හැදින්වුවත් මෙය සාමාන්‍ය වැලි මත දිවයාමට වැඩ වෙනස් ස්වර්පයක් ගනී. ආසියාවේ ඉහළම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟ වදින මෙම ක්‍රීඩා උළෙලේ සම්පීඩිත වැලි පත වල තරග වදින අතර අවසාන ක්‍රීඩා උළෙල දෙකේදී ඔවුන් ඉහල දක්ෂතා පෙන්නුම් කර ඇත .

මේ පිළිබද 2016 ආසියානු බීච් ක්‍රීඩා උළෙලට සහභාගී වූ නිලධාරියෙකුගෙන් විමසූ විට ඔහු කියා සිටියේ මෙම වැලි ධාවන පත ලංකාවේ සමහර ප්‍රධාන පෙලේ ක්‍රීඩාංගන වල ධාවන පත වලට වැඩ හොද මට්ටමේ තිබෙන බවයි.
“ඔබ අවසන් වරට ජාතික ක්‍රීඩා උළෙලවල් තුන පැවැත්වූ මාතර කොටාවිල ක්‍රීඩාංගනය , පොලොන්නාරුව හෝ බදුල්ල යන ස්ථානවල ධාවන පථ එම තරග පැවති කාලය සමග සංසන්දය කරන විට , ආසියානු වෙරල ක්‍රීඩා උළෙලේ ධාවන තරඟ ඊට වඩා හොද තත්වයේ තිබුණා. අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහොමයක් දිනපතා පුහුණුවන තණකොළ නැති ක්‍රීඩාංගන සහ මෙම වැලි ධාවන පත වල තත්වය එක සමානයි . එබැවින් අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙරල මලල ක්‍රීඩාවෙන් ඉහල දක්ෂතා පෙන්නුම් කිරීමේ හැකියාව හා පුහුණුව නිකන්ම ලැබී තිබෙනවා.”

පසුගිය වර වෙරල ක්‍රීඩා උළෙලේ පවතී මලල ක්‍රීඩා ඉසව්

මීටර් 60,
මීටර් 4×60 සහය දිවීම
දුර පැනීම
තුන් පිම්ම
යගුලිය
රට හරහා දිවීම
රට හරහා දිවීමේ කණ්ඩායම් ඉසව්ව

2016 Results

Men

Event Gold Silver Bronze
60 m Barakat Al-Harthi
 Oman
6.44 Reza Ghasemi
 Iran
6.55 Pan Xinyue
 China
6.77
4 × 60 m relay  Thailand
Kritsada Namsuwan
Aphisit Promkaew
Jaran Sathoengram
Bandit Chuangchai
26.19  Oman
Barakat Al-Harthi
Yahya Al-Noufali
Samir Al-Riyami
Khalid Al-Ghailani
26.58  Vietnam
Bùi Văn Đông
Ngô Thế Nguyên
Bùi Bá Hạnh
Trịnh Việt Tú
26.93
Cross-country Idriss Moussa Yousef
 Qatar
19:06.45 Phạm Tiến Sản
 Vietnam
19:16.19 Jamal Hairane
 Qatar
19:34.21
Cross-country team  Qatar
Musaab Adam Ali
Jamal Hairane
Hashim Salah Mohamed
Idriss Moussa Yousef
9  Vietnam
Đỗ Văn Tính
Lê Quang Hòa
Phạm Tiến Sản
Trần Văn Công
Võ Vũ Linh
12  Thailand
Tanaton Graiyarat
Nattawut Innum
Sanchai Namkhet
Boonthung Srisung
Yothin Yaprajan
29
Long jump Zhong Peifeng
 China
7.53 Nguyễn Văn Công
 Vietnam
7.47 Sobhan Taherkhani
 Iran
7.35
Triple jump Nguyễn Văn Hùng
 Vietnam
16.63 Pratchaya Tepparak
 Thailand
15.81 Mark Harry Diones
 Philippines
15.72
Shot put Ali Samari
 Iran
18.29 Guo Yanxiang
 China
17.78 Promrob Juntima
 Thailand
17.10

Women

Event Gold Silver Bronze
60 m Lê Tú Chinh
 Vietnam
7.60 Khanrutai Pakdee
 Thailand
7.73 Lê Thị Mộng Tuyền
 Vietnam
7.74
4 × 60 m relay  Thailand
Parichat Charoensuk
Khanrutai Pakdee
Phensri Chairoek
Supawan Thipat
28.62  Vietnam
Lê Thị Mộng Tuyền
Lê Tú Chinh
Đỗ Thị Quyên
Nguyễn Thị Oanh
29.16  China
Huang Guifen
Wang Xuan
Wang Rong
Lin Huijun
29.87
Cross-country Phạm Thị Huệ
 Vietnam
13.56.29 Nguyễn Thị Oanh
 Vietnam
14.02.01 Lu Mengyao
 China
14:54.93
Cross-country team  Vietnam
Hoàng Thị Thanh
Lò Thị Thanh
Nguyễn Thị Oanh
Phạm Thị Huệ
Vũ Thị Ly
6  Thailand
Tanaphon Assawawongcharoen
Woraphan Nuanlsri
Suneeka Prichaprong
Natthaya Thanaronnawat
Kamonporn Yaemsee
25 None awarded
Long jump Bùi Thị Thu Thảo
 Vietnam
6.32 Nguyễn Thị Trúc Mai
 Vietnam
6.11 Marestella Sunang
 Philippines
6.10
Triple jump Vũ Thị Mến
 Vietnam
13.11 Trần Huệ Hoa
 Vietnam
13.06 Parinya Chuaimaroeng
 Thailand
12.66
Shot put Liu Xiangrong
 China
16.06 Sun Yue
 China
14.50 Areerat Intadis
 Thailand
14.36
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org