ලෝක ශූර සල්වාට තරග තහනමක් – තහනම් උත්තේජක පරීක්ෂණ මග හැරීම

By www.ceylonathletics.com | | Latest News, Sinhala

2019 ලෝක ශූරතාවලියේ මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් බහරේනය නියෝජනය කරන සල්වා ඊද් නසර් ට තාවකාලික තහනමක් පැණවීමට ලෝක මලල ක්‍රීඩා සංගමයේ තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය කටයුතු කර තිබේ.

එම ආයතනය නිවේදනය කරන්නේ, තරග නොපැවැත්වෙන කාලයේ දී තහනම් උත්තේජක පරීක්ෂණ මග හැරීම යන චෝදනාව යටතේ මෙම තහනම පණවා ඇති බවයි.

කෙසේ වෙතත් ඇයට ලබා දෙන දඬුවම සම්බන්ධයෙන් තොරතුරු මේ දක්වා නිකුත් කර නොමැත.

ඇය සම්බන්ධයෙන් ඉදිරියේ දී සිදු කරන කරුණු විමසීමකින් පසුව තහනම දීර්ඝ වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් නිවේදනය කරණු ඇත.

නයිජීරියාවේ උපත ලබා බහරේනය නියෝජනය කරන සල්වා ආසියානු ක්‍රීඩා උළෙල වාර්තාවද සමගින් මීටර් 400 රන් පදක්කම දිනා ගත් අතර, මීටර් 100 සහාය කාන්තා ඉසව්වේ රන් පදක්කමද දිනා ගත්තාය.

ඇය පසුගිය වසරේ ලෝක ශූරතා රන් පදක්කම දිනා ගැනීමට වැයකල තත්පර 48.14 ක කාලය මෙතෙක් ඉතිහාසයේ ක්‍රීඩිකාවක් එම ඉසව්වෙන් වාර්තා කල තුන්වැනි හොඳම කාලය ලෙසද සැලකෙයි.

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org