රිලේ කණ්ඩායම් 16 කට ඔලිම්පික් වරම් – ‌තේරීම් සිදුකරන ක්‍රමය එළි දැක්වේ.

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් ඉදිරියේ දී තරගාවලිය පැවැත්වීමට සැලසුම් කරන ආකාරය හා ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට තේරීම් සිදුවන ආකාරය සම්බන්ධයෙන් සංශෝදන ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ කාලය ද වෙනස් කර තිබේ.

ඒ අනුව, පහත සඳහන් පරිදි මැරතන්, කි.මී.50 තරග ඇවිදීම සඳහා සුදුසුකම් ලබන කාලය 2019 ජනවාරි 1 වැනි දා සිට,2019 අප්‍රේල් 5 දක්වා හා 2020 දෙසැම්බර් 1 වැනි දා සිට 2021 මැයි 31 වැනි දා දක්වා ලෙස දැක්වේ.

මීටර් 10000,  කි.මී.20 තරග ඇවිදීම හා මිශ්‍ර ඉසව් සඳහා සුදුසුකම් ලබා ගැනීමේ කාලය 2019 ජනවාරි 1 වැනි දා සිට,2020 අප්‍රේල් 5 දක්වා හා 2020 දෙසැම්බර් 1 වැනි දා සිට 2021 ජූනි 29 වැනි දා දක්වා ලෙස දැක්වේ.

අනෙක් සියලු ඉසව් සඳහා සුදුසුකම් ලබා ගැනීමේ කාලය 2019 මැයි 1 වැනිදා සිට 2020 අප්‍රේල් 5 දක්වා හා 2020 දෙසැම්බර් 1 වැනි දා සිට 2021 ජූනි 29 වැනි දා දක්වා ලෙස දැක්වේ.

මේ අනුව,2020  අප්‍රේල් 5 සිට 2020 දෙසැම්බර් 1 වැනි දා දක්වා කාලය තුළ පැවැත්වෙන කිසිදු තරගයක ප්‍රතිඵල වලංගුනොවන බව ලෝක මලල ක්‍රීඩා සංගමය නිවේදනය කරයි.

  • Qualification period:
  •  Marathon and 50km Race Walk: from 1 January 2019 to 5 April 2020 and from 1 December 2020 to 31 May 2021
  • 10,000m, 20km Race Walk and Combined Events: from 1 January 2019 to 5 April 2020 and from 1 December 2020 to 29 June 2021
  •  All other events: from 1 May 2019 to 5 April 2020 and from 1 December 2020 to 29 June 2021

ශ්‍රී ලංකාවට ඇති අවස්ථා…

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සහාය දිවීමේ කණ්ඩායම් සඳහා කණ්ඩායම 16 බැගින් තෝරා ගන්නා අතර එම කණ්ඩායම් තෝරා ගන්නා ආකාරය පහත සඳහන් පරිදි වේ.

2021 වසරේ මැයි මාසයේ පෝලන්තයේ දී පැවැත්වෙන සහාය දිවීමේ ලෝක ශූරතාවලියේ දී අවසන් තරගයට සුදුසුකම් ලබන කණ්ඩාවයම් (08),

ඉහත තේරීම සඳහා අඩංගු නොවන,  2019 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී අවසන් තරගයට සහභාගී වූ කණ්ඩායම් හා

ඉහත තරගාවලි දෙකේදීම සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වූ කණ්ඩායම්, අතරින් ඉතිරි කණ්ඩායම් තෝරාගනු ලබන්නේ 2021 ජූනි 29 වැනි දා දක්වා ලෝක ශ්‍රේණිගත කිරීම් හී දක්ෂතා ලේඛණයට අනුව ඉදිරියෙන්ම පසුවන ඉතිරි සෙසු කණ්ඩායම්.

ලැබූ විවේකයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ශ්‍රී ලංකා 4×100 හා 4×400 පිරිමි කණ්ඩායම් සඳහා මේ සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව නිර්මාණය වී ඇති අතර, 4×400 මිශ්‍ර සහාය කණ්ඩායමට ද අවස්ථාවක් තිබේ.

මේ අතර, සෙසු ඉසව් සඳහා සුදුසුකම් ලබා ගැනීමේ පරිසාධන මට්ටම් පහත පරිදි වේ.


 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org