මෙරට මලල ක්‍රීඩා පුහුණුකරුවන්ට බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කෙරේ

By www.ceylonathletics.com | | Latest News, Sinhala

මෙරට දී මලල ක්‍රීඩා පුහුණුකටයුතු සිදුකරන පුහුණුකරුවන් ශ්‍රේණිගත කිරීමට හා ඔවුන් වෙනුවෙන් බලපත්‍රයක් ලබා දීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර ඇත.

වෘත්තීය නිපුණතාවක් නොමැති පිරිස්, පුහුණුකරුවන් ලෙස කටයුතු කිරීම හේතුවෙන්, උද්ගතවන ගැටලු අවම කරගැනීමට හා පුහුණුකරුවන් වෙත වෘත්තීය ගරූත්වයක් ලබා දීම මෙහි අරමුණ වේ.

එසේම, ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් මලල ක්‍රීඩා පුහුණුකරුවන් වෙනුවෙන් පවත්වනු ලබන පුහුණු කඳවුරු හා අධ්‍යන පාඨමාලාවන් හැදෑරීමට දිරිගැන්වීමද මෙයින් සිදුවණු ඇත.

මෙම වසර සඳහා බලපත්‍ර ලබා දීම සඳහා වන අයදුම් පත් භාරගන්නා අවසන් දිනය මෙම මස 20 වැනි දින වන අතර පහතින් අදාල අයදුම් පත් ලබා ගැනීමේ හැකියාව ඇත.

අයදුම් පත්‍ර අංක එක

අයදුම් පත්‍ර අංක දෙක

මේ සම්බන්ධයෙන් යම් කිසි තොරතුරක් ලබා ගැනීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලාල් චන්ද්‍රකුමාර මහතාව 0718866503 දරණ අංකයෙන් සමබන්ධ කර ගත හැක.

 

 

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org