කොරෝනා හේතුවෙන් ක්‍රීඩාවත් වැට උඩ

By www.ceylonathletics.com | | Latest News, Sinhala

කොරෝනා හේතුවෙන් ක්‍රීඩාවත් වැට උඩ


චීනයේ වුහාන් නගරය අාශ්‍රිතව දිනෙන් දින ව්‍යාප්ත වන මාරාන්තික වෛරසයක් වන කොරෝනා වෛරසය හේතුයෙන් චීනයේ පැවැත්වීමට නියමිත ක්‍රීඩා තරගාවලි නියමිත පරිදි පැවැත්වීමට නොහැකි තත්ත්වයක් මතුව තිබේ.

චීන ප්‍රාන්ත රජයන් විසින් මෙවෙන විටත් ප්‍රධාන පෙලේ ක්‍රීඩා තරගාවලි රැසක් අවලංගු කිරීමට කටයුතු කර තිබේ.

චීනයේ පැවැත්වෙන ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලිය මෙන්ම ලෝක ශූරතා ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියද පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය ප්‍රකාශයට පත් කර නැත.

ලෝක මලල ක්‍රීඩා සංගමයට අනුව, ඔවුන් මේවනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය සමගින් සම්බන්ධතා පවත්වාගෙන යන බව නිවේදනය කරයි.

චීනයෙි පැවැත්වෙන තරගාවලි සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගී කරවීමට අනුමැතිය දෙනවාදැයි කළ විමසීමකදී ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ඉදිරියේදී විදේශ කටයුතු අමාත්‍යංශය හා ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අනුමැතිය ඇතිව ඉදිරි කටයුතු සිදු කරන බව පවසා තිබේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පෙබරවාරි 12-13 දිනවල දී චීනයේ පැවැත්වෙන ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩ තරගාවලියට සහභාගීවීමට නියමිතව තිබේ.

නේපාලයේදී මලල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකුට හා ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට ඩෙංගු වැළඳින.

නමුත් අදවන තුරු ඔවුන් වෙනුවෙන් රෝහල් ගාස්තු ගෙවීම (එය නේපාල රජය විසින් ගෙවනු ලැබීය) හැර වෙනත් කිසිදු සහයෝගයක් ලබාදීමට මලල ක්‍රීඩා සංගමය හෝ ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු නොකල පසුබිමක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව ඔවුන්ටම සපයාගැනීමට සිදු වනු ඇත.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org