පදක්කම් වැස්සක් ඩිල්ෂිගෙන් නදීෂාට තෑග්ගක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග පැවැති තුන්වැනි දිනය වූ අද පෙරවරුවේ මීටර් 110 කඩුළු මතින් දිවීමේ පිරිමි ඉසව්වට සහභාගී වෙමින් රොෂාන් ධම්මික රණතුංග ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය. ඔහුද පසුගිය කාලයේ අවාසනාවන්ත ලෙස උණ රෝගයට ගොදුරුවීම හේතුවෙන් තරගාවලියට සහභාගීවීම පවා අවිනිශ්චිතව පැවතින. නමුත්, උපරිම දක්ෂතාව දැක්වීම⁣ට අපහසු වුවද පදක්කම් ගොන්නට දකුණු ආසියානු පදක්කමක් එක් කර ගැනීමට සමත් විය. එහි කාන්තා ඉසව්ව වූ මීටර් 100 කඩුළු මතින් දිවීමේ ඉසව්වට සහභාගි වෙමින් ලක්ෂිකා සුගන්ධී රන් පදක්කම දිනා ගනිමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ රන් පදක්කම් ගොන්න වැඩි කිරීමට සමත් වූවාය.
ඇය තත්පර 13.68 ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනා ගනිද්දී ඉරේෂානී රාජසිංහ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. මේ අතර අද පැවති මීටර් 400 ඉසව් සඳහා කාගේත් අවධානය යොමු වුණේ කණිෂ්ඨ අංශයෙන් ජ්‍යේෂඨ අංශයට පිවිසි අරුණ දර්ශන හා ඩිල්ෂි කුමාරසිංහ මෙම තරග ඉසව් සඳහා සහභාගි වීම හේතුවෙනි.

මීටර් 400 පිරිමි ඉසව්වේ දී අරුණ දර්ශන තත්පර 46.69 දක්ෂතාවයක් දක්වමින් රන් පදක්කමක් දිනා දීමට සමත් විය.

අරුණ දර්ශන ගේ පියා අරුණ දර්ශන ගේ පියා මීට සති දෙකකට පමණ පෙර හදිසියේ අභාවප්‍රාප්ත වීම හේතුවෙන් ඔහු යහපත් මානසික තත්වය නොසිටිය ද ඔහු අද රට වෙනුවෙන් සිය යුතුකම ඉටුකරමින් රන් පදක්කම දිනා දීමට සමත් විය.

මේ අතර එම ඉසව්වේ ම අතරෙ මේ රිදී පදක්කම දිනා ගැනීමට තත්පර 46.79 ක දක්ෂතාවක් දැක්වූ ප්‍රියන්ත ලක්මාල් සමත් විය.

එහි කාන්තා ඉසව්වේ දී ඩිල්ශී කුමාරසිංහ ඉතා වේගවත් තරග රටාවක් දක්වමින් තත්පර 53.40 ක් පුද්ගලික හොඳම කාලයද වාර්තා කරමින් රන් පදක්කම දිනා ගත්තාය.

උණ වැළඳීම හේතුවෙන් රෝහල් ගතව සිටින නදීෂා රාමනායක වෙනුවට ආදේශ ක්‍රීඩිකාවක් ලෙස දේශීය කුමාරසිංහ ඊයේ මීටර් 400 ඉසව්ව⁣ට ඇතුළත් කරනු ලැබීය.

පසුගිය වසරේදී ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට මෙන්ම ආසියානු ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ කනිෂ්ඨ ක්‍රීඩකයෙකු හා ක්‍රීඩිකාවක වූ අරුණ හා ඩිල්ෂී ජ්‍යේෂඨ අංශයෙන් දැක්වූ දක්ෂතාව සුවිශේෂී විය.
මේ අතර අද බොහෝ දෙනාගේ අවධානයට යොමුවූ තවත් තරග ඉසව්වක් වුයේ තුම්පිම්ම කාන්තා ඉසව්වයි.මෙහි කාන්තා ඉසව්වේදී ප්‍රබෝධා බාලසූරිය සමගින් ශ්‍රී ලංකා වාර්තාවද හිමි විදූෂා ලක්ෂානි තරග වැදුණ.
විදූශා ලක්ෂානිට පසුගිය සති කිහිපය තුල සුළු ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් සුපුරුදු රිද්මයට පැමිණීමට නොහැකි වුවද හසිනි ප්‍රබෝධා ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ නංවමින් රන් පදක්කසම ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් වූවාය. විදූෂා ලක්ෂානී රිදී පදක්කම දිනා ගත්තාය.
එසේම එහි පිරිමි පිරිම් ඉසව්වට සහභාගී වෙමින් අහමිඩ් සෆ්‍රීන් ලෝකඩ පදක්කමක් දිනා දීමට සමත් විය. එම ඉසව්ව⁣ට ම සහභාගී වූ තුන්පිම්ම ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකරු වන ග්‍රේෂන් ධනංජයට මෙහිදී හිමි වූයේ සිව්වැනි ස්ථානයයි. ග්‍රේෂන්ද අධික උණ හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිට තරග ඉසව්වට පෙර දින නේපාලය බලා පැමිණ තරග වැදිණ.
ඒ අනුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම මේ වන විට රන් පදක්කමක් රන් පදක්කම් හයක් ලබා ගැනීමට සමත්ව සිටීයි
හෙට මීටර් 100 හතර සහාය දිවීමේ ඉසව් මෙන්ම මීටර් 5000, මීටර් 400 කඩුලු මතින් දිවීම හා පිරිමි යගුලිය දැමීමේ ඉසව් පැවැත්වීමට නියමිතයි.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org