සාග් රන් බලාපොරොත්තුව නිමාලී අනතුරට ලක්වෙයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩිකාවක් වන නිමාලී ලියනාරච්චි අද පෙරවරුවේ රිය අනතුරට ලක්වීම හේතුවෙන් රෝහල්ගත කර ඇත.

අද පෙරවරුවේ පුහුණුවීම් සඳහා සහභාගීවීමට සිය යතුරු පැදියෙන් පැමිණෙමින් සිටි අවස්ථාවේ ඇය මෙසේ අනතුරට ලක්ව තිබේ.

ඇය මේවනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

දකුණු අතේ අස්ථි බිඳීයාමක් වාර්තා වන අතර, ඇයට දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවීමේ අවස්ථාව අහිමිවේ. එසේම ඇයට නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වීමට කාලයක් ගත වනු ඇති බව ද වාර්තාවේ.

මෙවර තරගාවලියේ දී, මීටර් 800, 1500 හා 400 සහාය දිවීමේ ඉසව් සඳහා සහභාගීවීමට නියමිත වූ නිමාලී මෙවර ඉසව් තුනෙන්ම පදක්කම් දිනා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවිය.

නිමාලී 2016 දකුණූ ආසියානු ක්‍රීඩා උළෙලේ දී ද මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. එසේම මෙම වසරේ දී මීටර් 1500 ශ්‍රී ලංකා වාර්තාව තමන් සතුකරගත් නිමාලී,  මීටර් 400 සහාය දිවීමේ ශ්‍රී ලංකා වාර්තාව බිඳ හෙළු කණ්ඩායමේ ප්‍රභල සාමාජිකාවක් වූවාය.

2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගත් නිමාලී ජයග්‍රහණය සැමරූ අයුරු.

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org