දකුණු ආසියානු සංචිතයට තවත් මූණු ඇතුළත් වෙයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා කණ්ඩායමෙන් කපා දැමූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකට අවස්තාව ලබා දීමට තීරණය කර තිබේ.

ඒ අනුව එක් එක් ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවකට පහණක් අවස්තාව ලබා දුන් ඉසව් සඳහා දෙවැන්නාට ද අවස්තාව ලබා දීමට තීරණය කර ඇත.

මින් ඉහත සියලුම ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනා බැගින් හා සහාය දිවීමේ ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනා බැගින් සහභාගීවීමට අවස්තාව ලබා දී තිබුණ ද පසුව, ක්‍රීඩක කප්පාදුවක් සිදුවූයේ, මලල ක්‍රීඩා කණ්ඩායමේ සාමාජිකයන් වැඩි බව පවසමිනි.

කෙසේ වෙතත්, කාන්තා මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වට හා පිරිමි කවපෙත්ත විසි කිරීමේ ඉසව්වට එක් ක්‍රීඩිකාවක් හා ක්‍රීඩකයෙකු පමණක් සහභාගීකරවීමට තීරණය කර ඇත.

තේරීම් තරගවලදී කවපෙත්ත පිරිමි ඉසව්වේ ජයග්‍රහණය කළ ක්‍රීඩකයා දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී නොවීමට තීරණය කිරීම හේතුවෙන්, දෙවැන්නාට අවස්ථාව ලබා දී ඇති අතර, කාන්තා බාධක දිවීමේ ඉසව්වේ දෙවැනි ස්ථානය හිමිකරගත් ක්‍රීඩිකාවගේ කාලය ඉතා අවම තත්තවයක පැවතීම හේතුවෙන් ඉහත තීරණය ගෙන තිබේ.

තරගාවලියේ තොරතුරු සඳහා පිවිසෙන්න 

South Asian Games 2019 – Nepal (Athletics)

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org