ශ්‍රී ලංකාව දිනාගත් පදක්කම් තුනම මලල ක්‍රීඩාවෙන් – ලෝක ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ලෝක ආරක්ෂ ක සේවා ක්‍රීඩා උළෙලේ දී ලබා ගත් පදක්කම් ත්‍රිත්වයම මලල ක්‍රීඩා කණ්ඩායම විසින් ලබා දීමට සමත් විය. එසේම එම කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි දෙනා අවසන් වටයේ දී පළමු ස්ථාන පහ අතරට පිවිසීමට ද සමත් වීම විශේෂත්වක් විය.

තරගාවලිය නියෝජනය කරමින් ක්‍රීඩා 13 ක් සඳහා ත්‍රිවිධ හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ අතර, මලල ක්‍රීඩා කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙනෙකු ඇතුළත් විය.

ලෝක ක්‍රීඩා උළෙලට සහභාගීවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළම දක්ෂතා මලල ක්‍රීඩවෙන්…

තරගාවලියේ දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා.

නිමාලි ලියනාරච්චි (ගුවන් හමුදාව) – 800 – රිදී/1500 – 6වැනි ස්ථානය
සුමේධ රණසිංහ (යුද්ධ හමුදාව)- හෙල්ල – ලෝකඩ
නදීකා ලක්මාලී (යුද්ධ හමුදාව)- හෙල්ල – ලෝකඩ
සාරංගී සිල්වා (යුද්ධ හමුදාව)- දුර – 4 වැනි ස්ථානය
ග්‍රේෂන් ධනංජය (යුද්ධ හමුදාව)- දුර – 4 වැනි ස්ථානය / තුන්පාම්ම – 8වැනි ස්ථානය
නිලානී රත්නායක (යුද්ධ හමුදාව)- 3000 බාධක – 5 වැනි ස්ථානය
ඉෂාර සඳරුවන් (ගුවන් හමුදාව)- රිටි පැනීම – 5 වැනි ස්ථානය
නදීෂා රාමනායක (යුද්ධ හමුදාව)- 400 – 7 වැනි ස්ථානය
අරුණ දර්ශන (යුද්ධ හමුදාව)- 400 – 8 වැනි ස්ථානය
ගයන්තිකා අබේරත්න (නාවික හමුදාව)- 800-8 වැනි ස්ථානය/1500 – 14 වැනි ස්ථානය
විදූෂා ලක්ෂානී (යුද්ධ හමුදාව)- තුන් පිම්ම – 5 වැනි ස්ථානය
හිමාෂ ඒෂාන්/චානුක සංදීප (යුද්ධ හමුදාව)- අවසන් පූර්ව වටය
මොහොමඩ් සෆාන් (යුද්ධ හමුදාව)- 200 – අවසන් පූර්ව වටය
තාරිකා ප්‍රනාන්දු (ගුවන් හමුදාව)- යගුලිය – 10 වැනි ස්ථානය
ප්‍රසාද් විමලසිරි (යුද්ධ හමුදාව) – දුර 14 වැනි ස්ථානය
4×400 කාන්තා කණ්ඩායම – 5 වැනි ස්ථානය
4×100 පිරිමි කණ්ඩායම – 6 වැනි ස්ථානය

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org