උණුසුම් මැදියම් රෑ මැද මැරතන් තරගය අභියෝගයක් – හිරුණී විජේරත්න

By www.ceylonathletics.com | | IAAF, International News, Latest News, Sinhala

ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට මෙවර ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබූ එකම ක්‍රීඩිකාව වන මැරතන් ක්‍රීඩිකා හිරුණී විජේරත්න සිය අවසන් පුහුණු සැසියට සහභාගීවෙමින් “සිලොන් ඇත්ලටික්ස්” සමගින් දොඩමලු වූවාය.

ප්‍රශ්නය – ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගීවීම සෑම ක්‍රීඩිකාවකටම සිහිනයක්. ඔබගේ කතාව කියන්න ?

හිරුණි – ඉතා ආසාවෙන් මම පැමිණියේ කටාර් වෙත මේ මගේ පළමු අවස්ථාව කටාර් වෙත පැමිණි ඒ වගේම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක ශූරතාවලියකට සහභාගීවන දෙවැනි අවස්ථාව. හැමෝම දන්න ආකාරයට මගේ ප්‍රියතම ඉසව්ව මැරතන්. මම ඉතා ආසාවෙන් සිටින්නෙ මෙහිදී කිලෝමීටර් 42 ක දුවන්න. ඒ වුණත් ගැටලුවක් තියනව. මෙහි තත්ත්වය ඉතා වෙනස්. ආර්ධතාවය වැඩී, උෂ්ණත්වය ඉතා ඉහළයි. වාතයේ දූවිලි ගතිය වැඩී, සුළගේ තත්ත්වය ඉතා පහළ මට්ටමක තිබෙන්නේ. මගේ තරගයේ දී උපරිමයට ළඟා වීමේ හැකියාවක් නැතිවෙයි. නමුත් මම බලාපොරොත්තුවෙනවා තරගයක් ලබා දෙමින් පළමු ක්‍රීඩිකාවන් 20 අතර තරගය අවසන් කරන්න.

සාගරය ආශ්‍රිත මාර්ගයක කිලෝමීටර් 3.5 ක දුරක වට 6ක තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය කටාර් වේලාවෙන් 27 වැනි සිකුරාදා මධ්‍යම රාත්‍රි‍යෙ දී පැවැත්වීමට නියමිතවේ. මේ වනවිට දොහා නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක පමණ ඉහළ උෂ්ණත්වයක පැවතීම හේතුවෙන්, රාත්‍රියේ තරගය පැවැත්වූවාත්. සාගරය ආසන්නයේ තරග පැවැත්වීම හේතුවෙන්, වාතයේ ජල ඝණත්වය(ආර්ධතාවය) 50% පමණ වන අතර, ඉතා වියලි ස්වභාවය, දූවිලි සහිත වායුව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැඩි අභියෝගයක් එල්ල කරනු ඇත.

ප්‍රශ්නය – ඇමරිකාවේ වාසය කරන ඔබ මෑතක දී ශ්‍රී ලංකාවේ දී තරග වැදුණා. ශ්‍රී ලංකාවේ දේශගුණයත් මේ ආකරයෙන් ම උණුසුම්. නමුත් මෙහි තත්ත්වය වෙනස්. ඔබ පුහුණුවීම් සිදුකරන තත්ත්වය හා මේවනවිට දෝහාවල තත්ත්වය ගැන ඔබේ අදහස කුමක් ද?

හිරුණි – ශ්‍රී ලංකාවට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක් තිබෙන්නේ. වාතයේ ආර්ධතාවය ඉතා වැඩී. ඒක හරියට කුණාටුවකින් පසුව සුළඟේ ඇති ජල ඝණත්වය වගේ. ඒත් උණුසුම්. ඒ වගේම දූවිලි සහිත වීම හේතුවෙන් දැන්නේ වාතය ඉතා බර විදියට. ඇමරිකාවේත් මේවගේම ආර්ධතාවය වැඩි අවස්ථා තිබෙනවා. නමුත් මෙහි තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. කෙටියෙන් කිව්වොත් මම පුහුණුවීම් සිදුකළ පසුබිම් අනුව ගත්තම මගේ ජීවිතේ ලැබූ අමාරුම අත්දැකීම මෙයයි.

ප්‍රශ්නය – ඔබ දකින ආකාරයට සෙසු ක්‍රීඩිකාවන්ට මෙය අභියෝගයක් වෙයි ද ?

හිරුණි – මා සිතන ආකාරයට හැමෝමටම මේ තත්ත්වය අපහසු වේවි. ඒවගේම හැමෝටම සමාන අවස්ථාවක් ලැබේවි මේ තරගයේ. මම හිතන්නෙ නෑ. දෝහා වල වාසය කරන කෙනෙකුටවත් මේ තත්ත්වයන් යටතේ උපරිම දක්ෂතාවන්ට පැමිණීමට හැකි වේවි කියල. ඒ වගේම මටත් ඉන් වාසියක් අත්වේවි කියල මම හිතනව. මෙය ඉතා මන්දගාමී උපායශීලී තරගයක් වේවි. මේ තත්ත්වය හොඳින්ම වටහා ගනිමින් තරගකරන කරන අයට අවස්ථාව හිමිවේවි.

ප්‍රශ්නය – මෙවර මැරතන් තරගය පවත්වන්නේ මධ්‍යම රාත්‍රියේ මේ ආකාරයෙන් ජාත්‍යන්තර තරගයක් පවත්වන්නේ පළමු අවස්ථාවට මෙය බලපාන්නේ කෙසේද?

හිරුණි – ඔවු සාමාන්‍යයෙන් මැරතන් තරගයක් පවත්වන්නේ දනියේ පළමු ඉසව්ව විදියට. පෙරවරු 6ට 7ට. ක්‍රීඩිකාවක් විදියට මගේ දින චර්යාව වෙනස් කරගත යුතු වනවා මෙවැනි තරගයවලට ක්‍රීඩා කරන්න මාගේ ශරීරය හුරු කරගැනීමට සිදුවනවා රාත්‍රියේ ක්‍රියාකාරීව සිටීමට. මම පුහුණුවීම් පවා සිදු කළේ මධ්‍යම රාත්‍රියේ උදෑසන ආහාරය ගෙන පුහුණුවීම් සිදු කරමින්. අපේ ශරීර ක්‍රියාකාරීත්වය ඉතා වෙනස් උදෑසන හා රාත්‍රියේ දී එය සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවටම පොදු අභියෝගයක්.

ප්‍රශ්නය – සාමාන්‍යයෙන් කිලෝමීටර් 42 ක තරගයක් පැවැත්වෙන් නගරය වටා එවිට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සැහැල්ලුවෙන් තරග කිරීමේ අවස්ථාව හිමිවනවා. නමුත් මෙවර තරගය පැවැත්වෙන් තනි මංතීරුවක වට 6ක් කිලෝමීටර් 7 බැගින් එය අභියෝගයක් වෙයි ද ?

හිරුණි – මම කළින් පැවසූ ආකාරයට මැරතන් ඉසව්වට මෙවර සහභාගීවන කිසිවෙකු පුද්ගලික දක්ෂතා ගැන තැකීමක් කරන එකක් නැහැ. ඒ හේතුවෙන් මෙලෙස තරගය පැවැත්වීමේ දී ද ගැටලුවක් මතුවන එකක් නෑ. සමහර විට මෙය අතිරේක වාසියක් වෙන්නත් පුළුවන්. අපිට ජලය හා අතිරේක පානයන් වෙත ඉක්මනින් ළඟාවන්න අවස්ථාව තිබෙනවා. දීර්ඝ මාර්ගයක තරග වදින අවස්ථාවේ දී එම වාසිය ලබා ගැනීමට නොහැකියි.

හිරුණී විජේරත්නගේ තරගය හෙට රාත්‍රී දෝහා වේලාවෙන් 11 සිට පැවැත්වෙනු ඇති.

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org