මාලිංග නිසා ශ්‍රී ලංකාව ගැන දන්න හෙල්ල විසිකරන ඇන්ඩර්සන් පීටර්ස්

By www.ceylonathletics.com | | IAAF, Top Stories

කැරීබියානු දූපත් සමූහයට අයත් තවත් දූපත් සමූහයකින් සැදුනු ග්‍රෙනේඩාවේ හෙල්ල් විසිකිරීමේ ශූර ඇන්ඩර්සන් පීටර්ස් පසුගිය වසර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය. තවමත් 21 හැවිරිදි වියේ පසුවන ඔහුගේ හොඳම දක්ෂතාව ලෙස සැලකෙන්නේ මෙම වසරේ දී දැක්වූ මීටර් 87.31 ක්.

එය මෙම වසරේ ක්‍රීඩකයන් දක්වා ඇති ඉහළම දක්ෂතා අතර 8 වැනි ස්ථානයේ පවතියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අතිශයින් ඇලුම් කරන ඇන්ඩර්සන් සිලෝන් ඇත්ලටික්ස් සමගින් අදහස් පළ කරමින් ප්‍රකාශ කළේ මෙම තරගාවලියේදී මීටර් 90 ක දක්ෂතාවක් දැක්වීමට අදහස් කරන බවයි.

මේවනවිට ඇමරිකාවේ අධ්‍යාපනය හදාරමින් ක්‍රීඩා යෙදෙන ඔහුගේ ක්‍රීඩා දිවිය සම්බන්ධයෙන් ද, අදහස් පළ කළේය.

2016 කණිෂ්ඨ ලෝක ශූරතාවලියේ දී ලෝකඩ පදක්කම දිනා ගැනීම තම ක්‍රීඩා දිවියේ හැරවුම් ලක්ෂය ලෙස සලකන බව පවසූ ඇන්ඩර්සන් ඉන් අනතුරුව ඇමරිකාවේ දී පුහුණුවීම් සිදුකරමින් ක්‍රීඩා කිරීමට ලැබුණු අවස්ථාව තම ක්‍රීඩා දිවිය වර්ධනය උදව් වූ බව ද පැවසීය.

මේවන විට මිසිසිපි ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් පුහුණුවීම්වල නිරත වන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්, ඔහු පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙතුවෙන් ශ්‍රී ලංකාව ගැන දන්නා බවයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා අනුව කුඩා රටක් බව සිතා ගත නොහැකි බවත්, ලසිත් මාලිංග ඉන් විශේෂ බවත් ප්‍රකාශ කළේය.

ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය අනිද්දා (27) වැනි දා සිට පැවැත්වේ

වීඩියෝව (සම්පූර්ණ සාකච්ඡාව වීඩියෝ ගත කිරීමට අවසර නොමැත)

Greneda Athletes

?????? ???? ?????? ???? ??? ????????? ????? ?????????? ????? ..??? ??????? ????? ????? ??????????? ????? ?????????? ??? ????????? ??????? …Anderson Peters , Grenadian Javelin thrower with pb of 87.31m loves SL cricket and Malinga IAAF Doha 2019 #Doha2019 #Trackandfield #WC #WorldChampionship #Greneda #Lka #CeylonAthleics

Posted by Ceylon Athletics on Tuesday, September 24, 2019

 

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org