15 හැවිරිදි ශානිකා 18 න් පහළ මිටියෙන් දැක්වූ සුපිරි දක්ෂතාව – හෙටට තරුවක්
|වයස අවුරුදු 18 න් පහළ මිටිය විසිකිරීමේ බාලිකා ඉසව්වට සහභාගී වූ ඇය මීටර් 34.45 ක දක්ෂතාවත් දැක්වූවාය.
එහි විශේෂත්වය වන්නේ, වයස 16 න් පහළ ක්‍රීඩිකාවක් වුව ද එම වයස් කාණ්ඩයෙන් මිටිය විසිකිරීමේ ඉසව්ව නොමැතිවීම හේතුවෙන්, ඇයට වඩා වයසින් වැඩි ක්‍රීඩිකාවන් සමගින් කරට කර තරග කර සුපිරි දක්ෂතාවක් දැක්වීමට සමත්වීමයි.
විසිකිරීමේ ඉසව්වල ප්‍රවීණ පුහුණුකරුවෙකුවන මාධව සෙනරත් බණ්ඩාර මහතාගේ හා ජ්‍යේෂ්ඨ ක්‍රීඩිකාවන්ගේ මග පෙන්වීම යටතේ ක්‍රීඩාවට පිවිස ඇති ඇය, මෙම වයසේ දී ම දැක්වූ දක්ෂතා ප්‍රශංසනීයවේ.
ඇය කුඩා කල සිට මාපිය රැකවරණයක් නොමැතිව ළමා සංවර්ධන මධ්‍යස්ථානයක රැකවරණයේ, හැදී වැඩුන ද උත්සාහයෙන් හා ධෛර්යයෙන් යම් දිනක ලක් මව රනින් බබලවනු නොඅනුමානය.