ඉන්දියාවේ ගෝමතීට තහනමක්, ගයන්තිකාට ආසියානු පදක්කම ?

By www.ceylonathletics.com | | Latest News, Sinhala

කටාර් හීදී පැවැති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 800 ඉසව්ව ජයගත් ඉන්දියාවේ ගෝමතී මාරිමුත්තු තහනම් උත්තේජක ලබා ගෙන ඇති බව වාර්තාවේ.

එම තරගාවලියේදී සිදුකළ පරීක්ෂාවේදී මෙය සනාථවී ඇති අතර, ඇයට තාවකාලික තහනමක් පනවා තිබේ.


ඒ සාම්පලයට අනුව තහනම් උත්තේජක සංඝටක ඇති බවට වර්තාවන අතර බී සාම්පල පරික්ෂාවෙන් පසුව ඇයට තහනමක් පැනවෙනු ඇත.

ඒ අනුව ඇයට ආසියනු රන් පදක්කම අහිමිවන අතර, දෙවැනි ස්ථානයට පත් වූ චීනයේ වැන් චුන්යූ හට රන් පදක්කම පිරිණැමෙනු ඇත. ලෝකඩ පදක්කම දිනාගත් කසක්ස්තානයේ මාගරිටා මුකෂේවාට රිදී පදක්කම පිරීනැමෙනු ඇතියි.

තරගයේ සිව්වැනි ස්ථානයට පත් වූ ගයන්තිකා අබේරත්නට ලෝකඩ පදක්කම හිමිවනු ඇත. ගයන්තිකා අබේරත්න 2017 වසරේ දී පැවති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 800 කාන්තා ඉසව්වේ රිදී පදක්කම දිනාගත්තාය.

ආසියානු ශූරතා තරගාවලියේ මීටර් 800 අවසන් තරගයේ වීඩියෝව

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org