තායිලන්තයේ දී ශ්‍රී ලංකාවට පදක්කම් ත්‍රිත්වයක්, දුලානීට රන් පදක්කමක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala

තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද පදක්කම් දිනා ගැනීමට සමත් විය.

කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වට සහභාගීවූ ශ්‍යාමා දුලානී මිනිත්තු 1.02.49 ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

කාන්තා දුර පැනීමේ ඉසව්වට සහභාගීවූ සාරංගි සිල්වා පුද්ගලික හොඳම දක්ෂතාව සමකරමින් මීටර් 6.12 ක දස්කමක් දක්වමින් ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

එහි රන් පදක්කම මීටර් 6.23 ක දක්ෂතාවක් දැක්වූ පිලිපීන ක්‍රීඩිකාවකා සුසන්ග් මාරිස්ටෙලාට හිමි වූ අතර, ඇය මින් පෙර මීටර් 6.72 ක දක්ෂතාවක් දක්වා ඇති ක්‍රීඩිකාවක්වේ. රිදී පදක්කම මීටර් 6.18 ක දක්ෂතාවක් දැක්වූ ඉන්දුනීසියාවේ මරියා නතාලියා හිමිකරගත්තාය.

අද මීටර් 400 කඩුලු මතින් දිවීමේ පිරිමි ඉසව්වට සහභාගීවූ අසංක රත්නසේනට ලෝකඩ පදක්කමින් සෑහීමට පත් වීමට වූවාය. ඒ තත්පර 52.67 ක කාලයකින් තරගය අවසන් කරමින්.

රන් හා රිදී පදක්කම් පිළිවෙලින් චීන තායිපේ ක්‍රීඩකයෙකුට හා ඉන්දුනීසියාවේ ක්‍රීඩකයෙකුට හිමිවිය.

මෙම තරගාවලියට මීටර් 400 ඉසව්වෙන් සහභාගී වූ  ප්‍රියන්ත ලක්මාල්ට 6 වැනි ස්ථානය හිමි වූ අතර, රිටි පැනීම ඉසවවට සහභාගී වූ ඉෂාර සඳරුවන්ට ස්ව්වැනි ස්ථානය හිමි විය.

තරගාවලියේ අවසන් දිනය වන හෙට (21) ලක්ෂිකා සුගන්ධී හා ධම්මික රණතුංග, මීටර් 100 කඩුලු මතින් දිවීමේ හා මීටර් 110 කඩුලු මතින් දිවීමේ ඉසව්වලට සහභාගී වීමට නියමිතයි.

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org