ශ්‍රී ලංකා වාර්තාව හා රිදී පදක්කම විපතට පත් වූවන්ගේ සතුටට කැප කරනවා – හිරුණී විජේරත්න

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

ශ්‍රී ලංකා වාර්තා කිහිපයක හිමිකාරිය වන හිරුණි විජේරත්න ජර්මනියේ පැවති මරතන් තරගයට සහභාගීවෙමින්, නැවත වරක් කාන්තා මැරතන් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සමත් වූවාය. පැය 2:34.10 ක කාලයක් වාර්තා කරමින් දෙවැනි ස්ථානයට පත් වූ ඇයගේ එම දක්ෂතාව දකුණු ආසියානු ක්‍රීඩිකාවක් මෙතෙක් දක්වා තිබූ හොඳම කාලය අභිබවා යාමක්.

ඒ අනුව හිරුණි විජේරත්නට දොහා කටාර් හී දී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට ද සුදුසුකම් ලබා ගැනීමට හැකි විය.

මේවනවිට, ඇමරිකානු එක්සත් ජනපදයේ වාසය කරන හිරුණි ජරමනියේ පැවති මෙම තරගයේ දී අධික ශීත කාලගුණයක් යටතේ තරග කිරීමට සිදුවූ බව පවසයි.

“උෂ්ණත්වය සෙල්සියස් අංශක 7-10 අතර මැරතන් එකේ පළවෙනි අර්ධය අවසන් කරේ මම මුලින්ම. ඊට පස්සෙ හුඟක් අමාරු වුණා. මම ඒ අමාරුව අමතක කරල තරගය දෙවැනියා විදියට අවසන් කළා.”

“මේ ජයග්‍රහණය මගේ රටේ ජනතාව වෙනුවෙන් පුදකරනු ලබනවා. මේ තරගය මගේ පාද දෙකට වඩා හදවතින් දිව ගිය තරගයක්. කිලෝමීටර් 35 ක් වනවිට තරගය අත්හැරීමට සිතුනත්. මගේ හදවත මතක් කළේ මේ වේදනාව, පසුගිය ඉරිදා  අපේ ජනතාව විදපු වේදනාව සමග සසඳන විට සුළු වේදනාවක් කියන එක. මගේ ශ්‍රී ලංකා වාර්තාව හා රිදී පදක්කම, අපේ ජනතාවගේ බලාපොරොත්තු සුලුවෙන් හෝ ඉහළ නංවන්න රුකුලක් වේවි කියල මම හිතනවා. සමහර නරක පුද්ගලයන් අපේ සතුටට බාධා එල්ල කරත්, අප එක්ව නැගී සිටිය හොත් යහපත් අනාගතයක් උදා කරගැනීමට හැකි වේවි.”

තරගයෙන් අනතුරුව ඇය මෙම සටහන සමාජ ජාලවෙත එක් කර තිබුණේ, අයගේ ජයග්‍රහණයට තවත් වටිනා කමක් එක් කරමිනි.

 

 

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org