“රිදුණු සිත් ඇතිව තරග කළ ආසියානු ශූරතාවලිය” ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ප්‍රභල පණිවිඩයක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala

අප්‍රේල් 21 වැනි දිනය අමතක නොවන දිනයක් ලෙස මෙරට ඉතිහාසයේ සටහන් වනු ඇත. බිහිසුනු විනාශයක් සිදුකරමින්, සාමාන්‍ය ජනතාව මරු තුරුළටත්, ආබාධිත තත්වයටත් පත් කරමින් පිපිරී ගිය බෝම්බ හඬ ඇසුනු තවත් පිරිසක් මැදපෙරදිග කටාර් හී දි බලාපොරොත්තු කන්දරාවක් සමගින් ක්‍රීඩා පිටියට පිවිසීමට මග බලමින් පසුවිය.

කටාර් හී දෝහා නුවර පැවති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වීම සඳහා සුභ සිහින දකිමින් සිටි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට තරගාවලියේ ආරම්භක දිනයේ දී අලුයම කන වැකුණු ප්‍රවෘත්තිය සිත් සලිත කරවීමට හේතු වූවාට සැක නැත.

තම ඥාති හිත මිත්‍රාදීන් ශ්‍රී ලංකාවේ ආරක්ෂිතව සිටිනවා දැයි දැනගැනීමට මෙන්ම, විපතට පත්වූ සිය ගණනක් වූ පිරිස ගැන සිතමින් බලාපොරාත්තු කඩවූ සිතින් ඔවුන්ට තරග වැදීමට සිදුවූවා ට සැක නැත.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ පිරිසකට මෙය තදින්ම සිතට කාවැදී තිබුණ ද, ඔවුන් ධෛර්යවන්තව තරග වැදින. පදක්කම් පමණක් බලාපොරෝත්තුවන බළධාරීන්ට ද අභියෝගයක් වෙමින් උපරිම දක්ෂතා අතරට පිවිසීමට බොහෝ දෙනා උත්සාහ කළේය.

තුන්පිම්ම කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම ගෙලලා ගත් විදූශා ලක්ෂානී, ශ්‍රී ලංකා කණ්ඩායමට එකම පදක්කම දිනා දීමට සමත් වුවද, ප්‍රභල ක්‍රීඩිකාවන්ට අභියෝගයක් වෙමින් තරග කළ නිලානී රත්නායකට මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ දී,  අවාසනාවන්ත ලෙස පදක්කමක් දිනා ගැනීමේ අවස්ථාව අහිමිවිය.

කිසිවෙකු නොසිතූ අවතක්සේරු කළ මීටර් 400 කාන්තා සහාය දිවීමේ කණ්ඩායම ද තම උපරිම දායකත්වය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලබා දීමට සමත් වූවාය. සිව්වැනි ස්ථානයට පත්වුව ද, වසර 20 ක් කිසිදු අභියෝගයක් එල්ල නොවී තිබූ මීටර් 400 සහාය කාන්තා ශ්‍රී ලංකා වාර්තාව ඉදිරියේ තම නම් සටහන් කිරීමට සමත් වූවාය.

පළමු වරට ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වූ නදීශා රාමනායක හා ඩිල්ශි කුමාරසිංහගේ ආරම්භයෙන් උපමාලිකා රත්නකුමාරි හා නිමාලී ලියනාරච්චිගේ අත්දැකීම් තුලින් ඔවුනට එම කඩයිම පසුකිරීමට හැකියාව ලැබිණ.

ඔවුන් තරග අවසන් කරමින් වැටී සිටින සහෘද ජනතාවට ප්‍රභල පණිවුඩයක් දුන්නාය. ඒ, ජාතියෙන් කුලයෙන් ආගමෙන් දේශපාලනයෙන් වෙන් නොවී එක් ධජයක් යටතේ ශක්තිමත්ව නැගී සිටීමේ අත්‍යවශ්‍යතාවයි.

තරගාවලියේ සියලුම වීඩියෝ නරඹන්න පිවිසෙන්න 

ඔවුන් පළ කළ අදහස් පහතින් දැක්වේ.

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org