මෙවරත් රන් පදක්කම තමයි එකම බලාපොරොත්තුව – නිමාලී ලියනාරච්චි

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරන්නේ නිලානී ලියනාරච්චියි.

2015 වසරේ පැවති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ එකම පදක්කම් ලාභිනිය වූ නිමාලී ලියනාරච්චි මීටර් 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

ඇය පසුගිය 2017 තරගාවලියේ දී ද එකම රන් පදක්කම් ලාභිනිය වූයේ කළකට පසුව ශ්‍රී ලංකාවට ආසියානු මට්ටමේ රන් පදක්කම දිනා දීමේ ගෞරවය හිමිකරගිමිනි.

මීටර් 800 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට ද හිමිකම් කී නිමාලී ලියනාරච්චිගෙන් එම වාර්තාව ගයන්තිකා අබේරත්න මිසින් 2017 වසරේ අප්‍රේල් මස දී උදුරා ගත්තේ දෙදෙනාගේම පුද්ගලික දක්ෂතාව තත්පර දශම තුනකින් අලුත් කරගනිමිනි.

“කාලයක් අපි මිනිත්තු 2යි තත්පර 4 සීමාවෙ සිටින කොට බොහෝ දෙනා වගේම අපිත් හිතුව 2:03.00 සීමාව සිහිනයක් විදියට. එත් ඒ බැරියර් එක අපි දෙන්නා (ගයන්තිකා අබේරත්න) බිඳ දමල ශ්‍රී ලංකා වාර්තාව දෙවරක් අලුත් කළා. මම මෙම වසරේ මිනිත්තු 2:03.00 ට අඩුවෙන් තරග දෙකක් අවසන් කළා. දැන් අපිට මිනිත්තු 2:02.00 කියන්නෙ බිඳින්න පුළුවන් බැරියර් එකක්.” නිමාලි ලියනාරච්චි

මීටර් 800 කාන්තා ඉසව්වෙන් නිමාලී ලියනාරච්චි හා ගයන්තිකා අබේරත්න පසුගිය වසර කිහිපයේ දීම ආසියානු කලාපයේ ඉදිරියෙන් පසු වීම විශේෂත්වයක් විය. මෙරට ක්‍රීඩිකාවන් දෙදෙනෙකුම එකම ඉසව්වෙන් කරට කර දක්ෂතා දැක්වීමම මොවුන්ගේ දක්ෂතා ඉහළ යෑමට අඩිතාලම වී ඇතුවාට සැක නැත. මන්ද මොවුනට තරගකාරී තරගාවලිවලට සහභාගීවීමේ අවස්ථා හිමිවන්නේ බොහොම අල්ප වශයෙනි.

නිමාලි හා ගයන්තිකා තරගාවලිය සම්බන්ධයෙන් දැක්වූ අදහස් අඩංගු වීඩියෝ පහතින්

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org