ආසියානු ශුරතාවලියට සහාය දිවීමේ කණ්ඩායම් තෝරන්නේ මෙහෙමයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala

අප්‍රේල් මස කටාර් හී දී පැවැත්වෙන ආසියානු ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවන කණ්ඩායම තෝරා ගැනීමේ දෙවැනි හා අවසන් තේරීම් තරගාවලිය ලබන 22 වැනි දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

තේරීම් සිදුකරන, පරිසාධන මට්ටම් හා තරගාවලියේ තොරතුරු මෙතැනින් ලබා ගත හැක.

අප්‍රේල් මස 21 සිට 24 වැනි දින දක්වා පැවැත්වෙන තරගාවලියට සහභාගී කරවන ශ්‍රී ලංකා කණ්ඩායමට සහාය කණ්ඩායම් කිහිපයක් එක් කිරීමේ අවධානය යොමුව තිබෙන බව වාර්තාවේ.

මෙහිදී මීටර් 100 පිරිමි සහාය කණ්ඩායම කෙරෙහි වැඩි අවධානයක් යොමුව තිබේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිළ දත්ත සටහන් කරුවන සමන් කුමාර ගුණවර්ධන මහතා සඳහන් කළේ 22 වැනි දා පැවැත්වෙන මීටර් 100 අවසන් තරගයේ දී පළමු ස්ථාන තුන ලබා ගන්නා ක්‍රීඩකයන් තිදෙනාට සහාය කණ්ඩායමට ඇතුළත්වීමේ අවස්ථාව ලබා දෙන බවයි.

හිමාෂ ඒෂාන් හා විනෝජ් සුරංජය ද සිල්වා දැනටමත් තරගාවලිය සදහා තෝරාගෙන තිබෙන බැවින් ඔවුන් මෙම තරගාවලියට සහභාගී නොවී සිටීමට කල ඉල්ලීමට අවසර හිමිවී තිබෙනවා.

පසුගිය මස පැවැත්වූ පළමු තෝරාගැනීමේ තරගාවලියේදී හිමාෂ ඒෂාන් නව දකුණු ආසියානු වාර්තාවක් සමගින් තත්පර 10.22 කාලයක් වාර්තා කර අතර විනෝජ් සුරංජය ද සිල්වා තත්පර 10.27 කාලයන් වාර්තා කළද සෙසු කිසිදු ක්‍රීඩකයෙකු ඔවුන්ගේ කාලයට ලක්වීමට අපොහොසත් වීම හේතුවෙන්, ඉහත තීරණයට එළඹ තිබේ.

එසේම මෙම සහාය ක්‍රීඩකයන් තෝරාගැනීමේදී මූලික වටවල හෝ මීට ඉහත තරගවල දක්ෂතා පදනම් නොකරන බවත්, අවසන් තරගයට සහභාගී වෙමින් එහි පළමු ස්ථාන අත්කරගැනීම අනිවාර්ය බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, මීටර් 400 පිරිමි සහාය දිවීමේ කණ්ඩායම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබේ. ඇතැම් ක්‍රීඩකයන් ආබාදවලට ලක්ව සිටීම හා පසුගිය වසරේ දී ඉදිරියෙන් පසුවූ ක්‍රීඩකයන් උපරිම දක්ෂතා නොදැක්වීම මේ තත්ත්වයට හේතුවී තිබේ.

කෙසේ වෙතත්, ඉදිරි තේරීම් තරගාවලියේ දී තත්පර 47ට අඩු කාලයක් ක්‍රීඩකයන් සිව්දෙනෙකු වාර්තා නොකළහොත් මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායමක් යැවීම සැකසහිත වේ.එසේම එම කාලයන් වාර්තා කරනු ලැබුවහොත් මීටර 400 අවසන් තරගය නිමා කරන පළමු ක්‍රීඩකයන් පස් දෙනා සහය කණ්ඩායම සදහා තෝරා ගැනෙනු ඇති .

එසේම, ක්‍රීඩිකාවන් දෙදෙනෙකු තත්පර 54 ට අඩු කාලයකින් හා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු තත්පර 55ට අඩු කාලයකින් වත් තරග නිමි කාලය සටහන් නොකළ හොත් මීටර් 400 කාන්තා සහාය කණ්ඩායමක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ද අහිමිවනු ඇත.

මේ අතර, මීටර් 100 කාන්තා සහාය කණ්ඩායමක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව සම්බන්ධයෙන් ද ක්‍රීඩිකාවන් දක්වන දක්ෂතා පදනම් කරගනිමින් අවසන් තීරණයකට එළඹීමට තීරණය කර තිබේ.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org