ඉසුරු හා නවිෂ්ක ශ්‍රී ලංකාවට පදක්කමක් උදුරා ගනී.

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය අවසන් කරමින් පැවති මිශ්‍ර ඉසව් සහාය දිවීමේ තරගයේ දී ප්‍රභල කණ්ඩායම්වලට අභියෝගයක් එල්ල කරමින් රිදී පදක්කමක් දිනා ගැනීමට බාලක කණ්ඩායම සමත් විය.

පළමු මීටර් සියය අවසන් වී යෂ්ඨි හුවමාරුව සිදුවන විට කරට කර සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි යෂ්ඨි හුවමාරුව අතරතුර මීටර් 200 දී තරගය ශ්‍රී ලංකාවෙන් ගිලිහින්නට විය.

නමුත් දෙවැනි යෂ්ඨි හුවමාරුවෙන් පසු, මීටර් 300 ඉසව්වට සහභාගීවූ ඉසුරු අබේවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමට බලාපොරොත්තු ගෙන දෙමින් ධාවනයේ යෙදින.

අවසන් යෂ්ඨි හුවමාරුව සිදුවන විටත්, ඉන්දියාව චීනය , චීන තායිපේ හා තායිලන්තය ඉදිරියෙන් පසුවුවද අවසන් මීටර් 400 ධාවයේ යෙදුන කවිෂ්ක සන්දීෂ් විශිෂ්ඨ තරගයක් ලබා දෙමින් රිදී පදක්කම දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම ගෙන ඒමට සමත් විය.

 

තරගයේ වීඩියෝව නරඹන්න

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org