යොවුන් ආසියානු ශූරතාවලියේදී මොරටු පුතු නවිශ්කගෙන් රිදී පදක්කමක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala

NAVISHKA SANDEESSH

හොංකොං හී දී පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී මෙරට හිමිකරගත් පළමු පදක්කම දිනා ගැනීමේ වාසනාව නවිශ්ක සන්දීෂ්ට හිමි විය.

වයස අවුරුදු 18 න් පහළ ක්‍රීඩක ක්‍රිඩිකාවන් වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රිඩිකාවන් 13 දෙනෙකු ඉදිරිපත් වන අතර, දෙවැනි දිනය වූ අද මීටර් 400 ඉසව්වෙන් රිදී පදක්කම නවිශ්කට හිමි විය.

ආසියාවේ ප්‍රභල කණ්ඩායම් සහභාගීවන මෙම තරගාවලියේ දී නවිශ්ක පදක්කම හිමිකරගත්තේ, තත්පර 48.26ක් වූ සිය උපරිම දක්ෂතාව ද දක්වා වීම විශේෂත්වයක් වේ.

මොරටුව සෙබස්තියන් විද්‍යාලයේ නවිෂ්ක සන්දීෂ් තේරීම් තරගාවලියේ දී, තත්පර 49.15 ක දක්ෂතාවක් දක්වමින් ආසියානු යොවුන් තරගාවලියට සුදුසුකම් ලබා ගත් අතර, ඊයේ පැවැති අවසන් පූර්ව වටයේ දී තත්පර 48.50 ක දක්ෂතාවක් දක්වමින් පුද්ගලික කාලය තත්පර 0.65 ක කාලයකින් වර්ධනය කරගැනීමට සමත් විය.

ඔහු එම කාලය තවත් වර්ධනය කරගනිමින් අවසන් තරගයේ දී, රිදී පදක්කම දිනා ගැනීම විශේෂත්වයක් විය.

තරගයේ වීඩියෝව

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org