යකඩ මිනිසා අජිත් හෙට ඉන්දියාවේ තරග බිමේ

By www.ceylonathletics.com | | Latest News, Sinhala

දස ප්‍රයාමෙන් ශ්‍රී ලංකා වාර්තාව හිමි අජිත් කරුණාතිලක හෙට (15) ඉන්දියාවේ පටියාලා හී දී ආරම්භ වන ෆෙඩරේෂන් කුසලාන මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වීමට නියමිතයි.

Ajith Kumara KARUNATHILAKA

දස ප්‍රයාම ලකුණු 7000 සීමාව පසු කළ පළමු ක්‍රීඩකයාවෙමින් අජිත් මේවනවිට, ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන්නේ ලකුණු 7356 ක් සමගිනි.

එළඹෙන ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට අජිත්ට සුදුසුකම් ලැබීමට නම් ඉහත තරගාවලියේ දී සිය උපරිම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සිදු වේ.

මෙරට දී පැවති පළමු තේරීම් තරගාවලියට හා ඉදිරියේ දී පැවැත්වෙන දෙවැනි තේරීම් තරගාවලියට ද දසප්‍රයාම ක්‍රීඩාව ඇතුළත් නොකිරිම හේතුවෙන්, අජිත් කරුණාතිලකට ඉන්දියාවේ දී පැවැත්වෙන තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව උදා කර දී තිබේ.

ඔහු හෙට තම තරග ඉසව් සඳහා සහභාගී වීමට නියමිතය.

තරගාවලියේ කාල සටහන මෙතනින්

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org