ජාතික මහා ක්‍රීඩා උළෙලේ රට හරහා තරග නුවරඑළියේ දී

By www.ceylonathletics.com | | Latest News, Sinhala

45 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පලමු තරග ඉසව්ව ලෙස රට හරහා දීවීමේ තරගය (03) වැනි ඉරිදා නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණය ආශ්‍රිතව පැවැත්වේ.

මෙම වසරේ දී තරගය විවෘත තරගයක් ලෙස පැවැත්වීමට කටුයුතු කරන අතර, මෙහිදී පළාත් සඳහා ලකුණු පිරිනැමීමක් සිදු නොවේ.

ඒ අනුව ඕනෑම ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට මෙවර තරග වැදීමේ අවස්ථාව හිමිවේ.

පසුගිය වසරේ දී, රට හරහා දිවීමේ තරගයේ දී, ගැටලුකාරී තත්ත්වයක් මතු විය.

එහිදී පිරිමි තරගය ජයගත් ආර්.එම්.එස්. පුෂ්පකුමාරට හා කාන්තා ඉසව්ව ජයගත් නිලානී රත්නායකට රන් පදක්කම පිරිනැමීමට සංවිධායකයන් කටයුතු නොකිරීම තැඩි කතා බහකට ලක්විය.

තරගය පැවැත්වෙන දින දෙකකට පෙර ලියාපදිංචි නොවූ බව පවසමින් එල්ලවූ විරෝධතාවන් හේතුවෙන් ඉහත තත්ත්වය උදා විය.

මෙම වසරේ දී, නිලානී රත්නායක සහභාගී නොවන බව වාර්තා වන අතර, ආර්.එම්.එස්. පුෂ්පකුමාර තරග වැදීමට නියමිතවේ.

පසුගිය වසරේ තරග ප්‍රථිඵලය පහතින්.

පිරිමි
සමන්ත පුෂ්පකුමාර – බ.ප. – ස්වාධීන ධාවක
එස් චන්ද්‍රසේන – මධ්‍යම – රන් පදක්කම
ලයනල් සමරජීව – මධ්‍යම – රිදී පදක්කම
එරන්ද තෙන්නකෝන් – ඌව – ලෝකඩ පදක්කම

කාන්තා
නිලානී රත්නායක – සබරගමුව – ස්වාධීන ධාවක
එන්.එම්. නන්දසේන – නැ.ප. – රන් පදක්කම
අනුශා ලමාහේවා – ඌව – රිදී පදක්කම
ලක්මිණි අනුරාධී – මධ්‍යම – ලෝකඩ පදක්කම

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org