හරීන් මලල ක්‍රීඩාවත් හරි ගස්සයි ද ? 

By www.ceylonathletics.com | | Latest News, Sinhala

පසුගිය දා පැවති ජාතික තේරීම් තරගාවලියේ දී නැවත වරක් ශ්‍රී ලංකා වාර්තාව හා දකුණු ආසියාවේ වේගවත්ම කාලය වාර්තා කළ හිමාෂ ඒෂාන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හමූ වී තිබේ.

තත්පර 10.22 ක කාලයකින් වාර්තාව අලුත් කළ හිමාෂ මූලික වටයේ හා අවසන් පූර්ව වටයේ දී ත් තත්පර 10.11 හා 10.11 කාලයන් වාර්තා කළේය.

හිමාෂගේ ක්‍රීඩා කටයුතු සම්බන්ධයෙන් සුහද පිළිසඳරක යෙදී ඇති අමාත්‍යතුමා, ඉදිරියේ දී අවශ්‍ය පහසු කම් සැලසීමට එකඟව ඇති බව වාර්තාවේ.

මෑත කාලයේ දී මලල ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් හිමි වීම හේතුවෙන් ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැක බලා ගැනීමට දීර්ඝ කාලීන වැඩපිළිවෙලක අවශ්‍යතාව මතුව තිබේ.

ක්‍රීඩා අරමුදලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පෝෂණ දීමනාවක් පසුගිය වසරේ අගෝස්තු මස දක්වා ලබා දුන්නද මේවන විට එම වැඩ පිලිවෙල නතර වී තිබේ.

එසේම, ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම සඳහා අනුග්‍රාහකත්වයක් ලබා දීමට කටයුතු කළ ද එයද මාස 4 කට පසුව අත්හිටුවා තිබේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ගැන අවධානය යොමුකර සංචිතයක් සකස් කරමින් ඔවුන් රැකබලා ගැනීමට අමාත්‍යවරයා මේවනවිටත් පොරොන්දු වී තිබීම සාධනීය ලක්ෂණයක් ලෙස සැලකිය හැක.

කෙසේවෙතත්, මෙය දිර්ඝ කාලීන වැඩපිලිවෙලක් ලෙස ක්‍රියාත්මක කරනු ඇතැයි අපේක්ෂා කරමු.

අමාත්‍යංශය භාරගැනීමෙන් පසුව අමාත්‍යවරයා විසින් සිදුකළ පළමු කතාවෙන් වූ පොරොන්දුව ඉබිගමනේ පැවතීම ගැන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කනස්සල්ලට හේතුවී තිබේ.

මේවනවිට දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් සංචිත සකස් කිරීමට අවධානය යොමු ඇතත්, ලෝක මට්ටම ඉලක්ක කරගනිමින් සුපිරි සංචිතයක් පවත්වා ගෙන යෑම කාලෝචිත වැඩපිළිවෙලක් වනු ඇත.

නව අමත්‍යවරයාගේ ක්‍රීඩාව නැංවීමේ වැඩපිලිවෙල යටතේ මලල ක්‍රීඩාවට ද මූලිකත්වයක් ලැබෙනු ඇතැයි මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ පිරිස් විශ්වාසය තබා සිටියි.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org